බෞද්ධාගමට විශේෂ සේවාවක් කළ භාරතීය හිමි නමකි අශ්වඝෝෂ හිමි. අශ්වඝෝෂ හිමි දේශ දේශාන්තර වල සංචාරය කරමින් බෞද්ධ දේශනා පැවැත්වූහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද "බුද්ධ චරිතය" නැමැති කෘතියේ බුදු රජුන් පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රී දේහයට විවිධ පිරිස් උපහාර භක්තිය දැක් වූ අයුරු සදහන් කොට ඇත.
අශ්වඝෝෂ හිමි විසින් සංස්කෘත නාට්‍ය කිහිපයක් ද රචනා කොට තිබේ. මෙයින් දැනට ඉතිරිව ඇත්තේප "ශාරිපුත්‍ර කරණය" නම් නාට්‍ය ග්‍රන්ථය පමණි. "ශාරිපුත්‍ර කරණය" හි කතා නායකයා වූයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහා ස්ථවිරයන් වහන්සේය. ශාරිපුත්‍ර, මොග්ගල්ලාන යන දෙනම බුදුදහම වැළදගෙන බුදුරදුන් වෙතින් ශ්‍රමණභාවය ලබා ගැනීමේ සිද්ධිය ඉන් නිරූපණය වූ බව පෙනේ.
අශ්වඝෝෂ හිමිගේ තුන් වෙනි නාට්‍යයේ ගණිකාවක්, විදූෂක, ධනංජය නම් රජ කුමරෙක් සැරියුත් හා මුගලන් අගසව් දෙනමද චරිත වශයෙන් එති. මෙය ප්‍රසිද්ධ නාටකයක් වන මෘච්ජ කාටිකා නමැති සංස්කෘත නාටකයට සමාන බවක් දැක්වේ.
අශ්වඝෝෂ හිමිගේ මෙම නාට්‍ය වල ඇති තවත් වැදගත් ලක්ෂණයක් නම් ඒ හැම එකකම දක්නට ඇති බෞද්ධ තේමාවයි. එනිසා ම අශ්වඝෝෂ හිමියන් මෙම නාට්‍ය රචනා කළේ ධර්මය ප්‍රචාරය කිරීම පිණිස යැයි සිතිය හැකිය.

1 comments:
වැරදියි
Post a Comment