Pages

Saturday, September 30, 2017

මැක්සිම් ගෝර්කි / maxim gorki

                         
1968 වර්ෂයේ මාර්තු 28 වැනි දින රුසියාවේ නිස්නිනොව් ගොරෝඩ්හි උපන් මැක්සිම් ගෝර්කිගේ මුල් නම වූයේ පෙශ්කිව් ය.


                           අගහිගකම් වලින් පෙලුණු ගෝර්කිගේ ජීවිතය දුෂ්කර එකක් විය. මේ දුෂ්කර ජීවිතයේ යථාර්ථය ජය ගැනීම සදහා ගෝර්කි පුදුමාකාර ලෙස වෙහෙසුණේය. ඔහු රැකියාවක් සොයමින් දකුණු රුසියාවට ගියේය. එහි දී නොයෙකුත් දෑ කරමින් කීයක් හෝ රැස් කර ගන්නට උත්සාහ ගත්තේය. එහි දී ලැබූ ජීවන අත්දැකීම් ද ඔහුගේ ලේඛනයට මනා පිටුවහලක් විය.

                       ගෝර්කි විසින් රුසියන් විසින් ලියැවී තිබූ "Chelks" ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. ඊට පසු "මල්වා" කෘතිය ද ලියන ලදී. "මිනිසුන් විසි හය දෙනෙක් සහ දැරියක්" යනුවෙන් ලියූ කෙටි කතා පොත අති ශ්‍රේෂ්ඨ කෙටි කතා සංග්‍රහයක් ලෙස ලෝකයාගේ ගෞරවයට පත් වීම නිසා මැක්සිම් ගෝර්කිගේ නම ලොව ප්‍රචලිත විය.

                          ඔහුට අතිශය කීර්තියක් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨ නව කතාවක් වන "අම්මා" කෘතියයි. ලෝකයේ භාෂා රැසකට පරිවර්තනය වූ මෙම කෘතිය ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය සදහා බෙහෙවින් පාදක වූ බව විප්ලවයේ නිර්මාතෘ වී අයි ලෙනින් වරක් ප්‍රකාශ කළේය.

                       1926 දී මෙම "අම්මා" කෘතිය සිනමා පටයකට ද නංවන ලදී. විවිධාකාර ග්‍රන්ථ රාශියක් ලියූ මැක්සිම් ගෝර්කි 1936 වර්ෂයේ ජුනි 14 වන දින මිය ගියේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න