Pages

Tuesday, September 26, 2017

මහා කවි කාලිදාස / Maha kavi Kalidasa

                            සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ කාලිදාස නමින් කවීන් කිහිප දෙනෙකු ගැන සදහන් වේ. ඉන් එක් කාලිදාස කෙනෙකු ගැන විශේෂයෙන් සදහන් වේ.


                           "ඒකෝපි ජියතේ හන්ත කාලිදාසෝන කේනවිත්
                             ශෘංගාරේ ලලිතෝද්ගාර් කාලිදාසත්‍රයී කිමු"

                          ඔහු නම් "ශාකුන්තල" හා "රගුවංශ" ආදියේ කර්තෘය. මේඝ දූතයට අදාල වන්නේ ද එම කාලිදාසයි. ඔහුගේ පෞද්ගලිකත්වය ගැන නිශ්චිතව දත හැක්කේ යන්තමක් පමණි. නමින් කියවෙන්නේ ඔහු දුර්ගා දේවදුවගේ දාසයෙකු බවයි. කෙසේ වෙතත් වෙනත් බොහෝ නම් තැබීම් වලදී මෙන් මූලික අර්ථය ගැන කිසිත් විමසිල්ලකින් තොරව මේ නම් තැබීමත් සිදු වුණා විය හැකිය. එහෙත් එය පදනම් කර ගත් ජනප්‍රවාදයක් වෙයි. එයින් කියවෙන්නේ කාලිදාස නූගතෙකු බවත් දුර්ගා (කාලි) දේවියගේ වර දානයකින් ඔහු කාව්‍ය නිර්මාණ ප්‍රතිභාව ලද බවත්ය.

                         කාලිදාස සිය නිර්මාණයන් හි තමා ගැන සදහන් කිරීමට පුදුම සහගත මැලිකමක් දැක්වූ බවක් පෙනේ. ඔහු ගැන අනෙක් ලේ්ඛකයන් වෙතින් ලබා ගත හැකි කිසිත් තොරතුරක් ද නැත. ත්‍රිවේදය, උපනිෂද් දර්ශනය, පුරාණ ආයුර්වේදය සහ ජ්‍යෝතිෂය පිළිබද කාලිදාසට ප්‍රමාණවත් අවබෝධයක් තිබූ බවට ඔහුගේ කෘති ශාක්ෂි දරයි.

                         මොහුගේ නිර්මාණ වශයෙන් දෘශ්‍ය කාව්‍ය තුනක් හා ශ්‍රව්‍ය කාව්‍ය තුනක් ඉතිරිව ඇත. "මාලවිකාග්නි මිත්‍ර" "වික්‍රමෝර්වශීය" හා "ශාකුන්තල" එම දෘශ්‍ය කාව්‍ය තුනයි. "මේඝ දූත" "කුමාර සම්භව"  සහ "රඝුවංශ"  එම ශ්‍රව්‍ය කාව්‍ය තුනයි.

                         නිසැකයෙන්ම කාලිදාස සංස්කෘත කවියන් අතර ශ්‍රේෂ්ඨතම කවියා වේ. ඉන්දියාව ඔහුගේ ප්‍රතිභාව ඉතා ඈත කලක සිට හදුනාගෙන ඇත. කාදම්බරී කෘතියේ කීර්තිමත් කතුවරයා වන  භානභට්ට කාලිදාස ගැන මෙසේ කියයි. "කාලිදාසගේ මධුර රසභාවී මනස්කාන්ත කාව්‍යෝක්තිමය පුෂ්ප මධු රසාස්වාදයක දී මෙන් කවුරුන් තුළ ආනන්දයක් ඇති නොකෙරේද ....?

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න