රුසියානු ජාතිකයෙක් වූ ලියෝ තෝල්ස්තෝයි 1828 අගෝස්තු මස 28 වන දින උපත ලැබීය. ඔහු උපත ලැබුවේ රුසියාවේ තුලා ප්‍රදේශයේ "යස්යානා පොල්යානා" හිය.
සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක කුඩාම සාමාජිකයා වූ තෝල්ස්තෝයි ගේ පියා නිකොලොස් ඉලියිව් තෝල්ස්තෝයි නම් ඉඩම් හිමි ධනවතෙකි.මව මරියා වොල්කොන්සිකි නැමැති ධනවත් කාන්තාවකි. ඔහුගේ පියා හා මව ඔහු කුඩා වියේ දීම මෙලොව හැර ගියේය. ඉන්පසු ඔහු හැදී වැඩුණේ සිය නැන්දණිය සමගිනි. ඔහුගේ පළමු ගුරුවරයා වූයේ කාල් ඉවානිච් ය. වයස අවුරුදු 16 දී වැඩිදුර අධ්‍යාපනය සදහා කෂාන් සරසවියට ඇතුලු වුවද එහි ඉගෙනීම ප්‍රිය නොකළ නිසා ඔහුගේ අධ්‍යාපනය අතරමග කඩා වැටුණේය.
1852 ජූලි 02 දා ඔහු "ළදරු කාලය" නමින් සිය මුල්ම කෘතිය ලියා නිම කළේය. ඔහුගේ නැන්දණිය විසින් එම කෘතිය අගය කිරීමෙන් පසුව ඔහු ලේඛනය පිළිබදව අලුත් ප්‍රාණයක් ලැබුවේය. තෝල්ස්තෝයිගේ මෙම කතාව "සමකාලීනයා" නමැති රුසියානු සගරාවෙහි පළ විය.
හමුදා සේවයේ යෙදී සිටි තෝල්ස්තෝයි 1856 දී හමුදා සේවයෙන් ඉවත් විය. එයින් පසුව ඔහු නැවත ලේඛන කලාවට යොමු විය.
1857 වසරේ ඔහු විදේශ රටවල් කිහිපයක සංචාරයක යෙදුණි. ඒ සමගම "පවුලේ ප්‍රීතිය" , "වලස් දඩයම" හා "මරණ තුනක්" නම් කතා තුන පළ කළේය.
යුද්ධය අළලා ලියැවුණ ඓතිහාසික වීර කාවයයක් වූ ද කලාත්මක අතින් හා ගැඹුරු ජීවිත විවරණය අතින් ශ්‍රේෂ්ඨ වූද "යුද්ධය හා සාමය" නවකතාව තෝල්ස්තෝයිටවිශ්ව කීර්තියක් ලබා දුන්නේය. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ නැපෝලියන්ගේ සටන් පසුබිම් කරගත් පවුල් දෙකක චර්යාවන්ය.
තෝල්ස්තෝයි තම "ඇනා කැරනිනා" නම් කෘතියෙන් අධ්‍යාත්මික ශක්තියෙන් පිරිහුණු චාටුකාර රදල සමාජයක වාසනාව ලගා කර ගැනීමට තැත් කළ තරුණ කාන්තාවකගේ ඛේදජනක අවසානය මනෝවිද්‍යාත්මකව නිරූපණය කරයි.
ඔහුගේ තුන් වන නවකතාව "පුනර්ජීවනය" නම් විය. එය සාර් පාලනයේ පදනම වෙත දැඩි විරෝධය පලකරන්නකි. ලෝකයේ පවතින අයුක්තියට එරෙහිව සටන් කිරීමට ඇති එකම ආයුධය ආත්ම පරිපූර්ණත්වය යයි ඔහු සැළකුවේය.
කෲර භාවයට විරුද්ධව සහැසිකම් නොකළ යුතුය යන තෝල්ස්තෝයිගේ ඉගැන්වීමෙහි පැරණි රුසියානු ගොවි මතය ගැබ් විය. ලෙනින් "රුසියන් විප්ලවයේ කැඩපත" යනුවෙන් තෝල්ස්තෝයි ව හැදින්වූවේය. ඒ 1905 විප්ලවයට මුල් වූ ගොවි ජනතාවගේ අදහස් වල ප්‍රබල හා දුලබ තැන් තෝල්ස්තෝයි තම කෘතිවලිනුත් තම ඉගැන්වීම් වලිනුත් පළ කළ හෙයිනි.
ඔහු කුඩා ළමුන්ට බොහෝ සේ ප්‍රිය කළේය. ළමා කතා හා උපමා කතා රාශියක් ද ඔහු අතින් බිහිවී තිබේ. ඔහු විසින් තැනූ කුඩා පාසලේ ලී උලුවස්සේ "මේ ලෝකයේ මා ප්‍රිය කරන සුන්දරම වස්තුව කුඩා දරුවන්ය" යන වැකියෙන් ඒ පිළිබදව මොනවට පැහැදිළි වේ.
වසර 60 ක් ආයු වළදා 1910 නොවැම්බර් 07 වන දින ඒ අසහාය ලේකඛයා මෙලොව හැර ගියේය. මිය යද්දී අවසන් වරට ඔහු පැවසූවේ " සොයන්න, නොනැවතී සොයන්න" යනුවෙනි. ඔහු ජීවත් වූ "යස්යානා පොල්යානා" මැදුර ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා කෞතුකාගාරයක් බවට පත් කළේය. ඔහුගේ පුස්තකාලයද ලිපි ලේඛනද එහි කෞතුක භාණ්ඩ වී තිබේ. එය නැරඹීම උදෙසා විවධ රට වලින් වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණේ.
ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න..............
0 comments:
Post a Comment