Pages

Saturday, September 30, 2017

ඛලීල් ජිබ්රාන් / kahlil gibran

                     
 1883 වර්ෂයේ ජනවාරි 06 වන දින උතුරු ලෙබනනයේ දී උපත ලද ඛලීල් ජිබ්රාන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගත කිරීමට සිදු වූයේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේය.


                       අරාබි භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද ලේඛන කාර්යෙයෙහි නියැලුණු ඔහුගේ කෘතීන්ට විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි වේ. A Tear And Smile, Spirits rebellious, This Mad Man, The Broken Wings වැනි නිර්මාණ මෙයට නිදසුන්ය.

                     ඔහුගේ නිර්මාණ අතර වඩාත් විශිෂ්ටතම නිර්මාණය සේ සැළකෙනුයේ "අනාගත වක්තෘ" (The Prophet) නම් කෘතියයි.ලෝකයේ විවිධ භාෂාවන් 43 කට පරිවර්තනය වී ඇති මෙම කෘතියේ ඇමරිකානු මුද්‍රණයේ පිටපත් පමනක් ලක්ෂ 70 ට වඩා විකිණී ඇත.

                     සිරියානු ජාතික ලේඛිකාවක වන මේ ෂියඹේ හා ඛලීල් ජිබ්රාන් අතර අපූර්ව මිතු දමක් පැවතුණු අතර මොවුන් දෙදෙනා විසින් එකිනෙකාට ලියන ලද ලිපි විහ්ව සාහිතයයේ අගනා සාහිත්‍ය කෘතීන් ලෙස සැලකේ. මෙම ලිපි ද විවිද භාෂාවන්ට පරිවර්තනය වී ඇත.

                   චිත්‍ර ශිල්පියෙකු ලෙස ද මහා කෞශලයයක් ප්‍රකට කළ ඔහු තමාටම ආවේණික වූ චිත්‍ර සම්ප්‍රදායක් ගොඩ නගා ගැනීමෙහි සමත් විය.

                  ඔහුගේ සාහිත්‍ය චින්තනයද ඔහුටම ආවේණික දාර්හනික අන්තර්ගතයන් ගෙන් පරිපූර්ණ වූයේ 'ජිබ්රාන් වාදය" නම් නව දර්ශනයක් ද විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයට එක් කරමිනි.

                 1931 අප්‍රේල් 10 වන දා මේ විශිෂ්ට ලේකකයා සදහටම මෙලොවින් සමු ගත්තේය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න...........

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න