Pages

Friday, September 29, 2017

ඇලෙක්සැන්දර් කුප්රින් / alexander kuprin

                     
 1870 වර්ෂයේ අගේා්ස්තු 26 වන දින දකුණු රුසියාවේ පැන්සා පෙළාතේ නාරොචාට් ප්‍රාන්තයේ ඇලෙක්සැන්දර් කුප්රින් උපත ලැබීය.


                       රුසියාවේ විසූ මානව හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී ලේඛකයෙක් ලෙස මොහු ව හැදින්වීමට හැකිය. කුප්රින් මහතා මධ්‍යම පාන්තියට අයත් වූවෙකි. මොහු  යුද අභ්‍යාස විද්‍යාලයක ඉගෙන ගත්තේය. පසුව ඔහු යුද නිළධාරියෙක් විය. සාර් යුද හමුදාවේ යුද තොරතුරු ඔහුගේ බොහෝ කෘතීනට මුල් වී ඇත්තේ ඒ නිසාය.

                    1894 වර්ෂයේ දී යුද සේවයෙන් අස් වීමෙන් පසු කුප්රින් බොහෝ රැකියාවන් වල යෙදිණ. එමගින් රුසියාවේ වැඩ කරන ජනතාවගේ ජීවිතය මැනවින් දැන ගත හැකිවිය.  රුසියානු ධනවාදයේ ස්වරූපය හෙලි දරව් කරන ඔහුගේ "මොලන්" නම් කතාව ඔහු විශිෂ්ට ලේඛකයෙකු බවට පත් කළේය.

                     කුප්රින්ගේ සාහිත්‍ය නිර්මාණ 1905 විප්ලවයේ සිද්ධීන් හා සම්බන්ධ වෙයි. ඔහුගේ අගනා කතාවක් වන "ද්වන්ද සටන" මැක්සිම් ගෝර්කි ට පිළි ගැන්වුණ අතර එය ගෝර්කි විසින් මහත් සේ අගය කරන ලදී. කුප්රින් මෙම කතාවෙන් සාර් හමුදාවේ යුධ නිළධාරීන් පිළිකුලට ලක් කරයි. 1917 ට පසුව කුප්රින් රටින් පිටව ගියේය. පිටරට සිටි කාලයේ දී ඔහු විසින් කිසිම වැදගත් කෘතියක් රචනා නොවීය.

                   කුප්රින් ප්‍රේමය පිළිබද ලියූ හොද ලේඛකයෙකි. නිර්මල උදාර ප්‍රේමය ගැන කියන "අලිසියා" "සුලම්ප්" 'රත්මිණි වළල්ල"  යනාදිය ඔහුගේ සාර්ථක නිර්මාණ වලින් කිහිපයකි.

                  වයස අවුරුදු 60 දී 1938 වර්ෂයේ අගෝස්තු විසි වන දින තම නිවසේ දී ඇලෙක්සැන්දර් කුප්රින් මිය ගියේය. ඔහුගේ දේහය Volkovskoye අනුස්මරණ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න...............

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න