Pages

Saturday, June 11, 2016

සුගතපාල ද සිල්වා. / sugathapala de silva

                            1928 අගෝස්තු 04 වනදා වැලිගම මිදිගම දී සුගතපාල ද සිල්වා මහතා උපත ලැබීය. එතුමාගේ නිර්මාණ දායකත්වය උපරිම වශයෙන් ලැබුණේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට හා ගුවන් විදුලි නාට්‍ය කලාවටයි. ගුවන් විදුලි මාධ්‍ය සඳහා 'හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍ය' හා වේදිකා නාට්‍ය සඳහා 'සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක' කෘති දෙක තුළින් එතුමා තුළ මෙම මාධ්‍යයන් පිළිබඳව ඇති හසල දැනුම මනාව ප්‍රකට වේ. තවද මෙම ක්ෂේත්‍ර පිළිබඳව ලියැවී ඇති වටිනා ග්‍රන්ථ දෙකක් හැටියට මේවා හඳුන්වා දිය හැකිය.

ඇස්. කරුණාරත්න / S. Karunarathna

                         
1940 මාර්තු මස 26 වන දින පාදුක්ක ග්‍රාමයේදී ඇස්. කරුණාරත්න මහතා උපත ලැබීය. මෙතුමා අධ්‍යාපනය ලැබුවේ කොටහේන කුමාර මහා විද්‍යාලයෙනි. 1962 වසරේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළු වී කරුණාරත්න මහතා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.

පරාක්‍රම කොඩිතුවක්කු / parakrama kodithuwakku

                           
1943 ඔක්තෝබර් මස 12 වැනි දින රත්නපුරේ දී පරාක්‍රම කොඩිතුවක්කු මහතා උපත ලැබීය. මෙතුමා වටාපත ගමේ පාසලෙනුත් රත්නපුරේ ඇලෝසියස් මහා විද්‍යාලෙනුත් අධ්‍යාපනය ලැබීය. ගුරු වෘත්තියට පිවිස වසර විස්සක් පමණ භාෂා සාහිත්‍ය ගුරුවරයෙකු ලෙසින් සේවය කළේය.

Friday, June 10, 2016

ටිබෙට් ඇස්. මහින්ද හිමි. / Tibet S.Mahinda Himi

                       
1901 දී පමණ මධ්‍යම ආසියාවේ කුඩාම රට වන සිකිම් දේශයේදී මහින්ද හිමියෝ උපත ලැබූහ. උප්පැන්න සහතිකයේ සඳහන් වූ නාමය එස්.කේ තෂිනම්ග්‍යල් යනුවෙනුයි. 1912 දී හෝ 1914 දී සිය සොහොයුරා වූ සිකිම් පුණ්ණජී හිමියන් සහ ජර්මන් ජාතික ඤාණාතිලොක හිමියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේය.

විමලරත්න කුමාරගම. / wimalaratne Kumaragama

                         
1919 ජනවාරි 18 වනදා පානදුම්බර පලිස්පත්තු බස්නාහිර කෝරළයේ නාරම්පනාවේදී විමලරත්න කුමාරගම මහතා උපත ලැබීය. මහනුවර මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලය, තෙල්දෙණියේ ද්විභාෂා විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය යන විද්‍යාස්ථන වලින් අධ්‍යාපනය හැදෑරීය.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. Sri Chandrarathna Manawasinghe

                         
                         1913 ජුනි 19 වැනිදා රුහුණු ගිරුවා දනව්වෙහි පුවක්දණ්ඩාවේදී මානවසිංහ මහතා උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයෙහි පැවිදි විය. කිරි වෙහෙර අසල පන්සලක වැඩ වාසය කරනවිට කතරගම දේවාලයෙහි අයිතිය සම්බන්ධයෙන් හට ගත් ආරවුලකට මැදිහත් වීමත් පොලිසිය පන්සලට කඩා වැදීමත් නිසා කැලෑවට පලා ගොස් උපැවදි විය.

දයාසේන ගුණසිංහ / dayasena gunasinghe

                   
    1936 ජුනි 13 වැනිදා ඉංගිරියේදී දයාසේන ගුණසිංහ මහතා උපත ලැබීය. මතුගම ආනන්ද විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් අනතුරුව තෙවසරක පමණ කාලයක් ගුරු වෘත්තියෙහි නිරත විය.

මොනිකා රුවන්පතිරණ / monica ruwanpathirana


                         
1946 පෙබරවාරි 26 වැනිදා මාතර මාලිමිබඩ දී මොනිකා රුවන්පතිරණ මහත්මිය උපත ලැබීය. මෙතුමිය මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ හා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීය. 1964 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව කලා විෂයන්ගෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධි ලැබුවාය.

විමල් දිසානායක / wimal dissanayake

                     
  විමල් දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය දිනා ගත්තේය.

ගුණදාස අමරසේකර / gunadasa amarasekara

                       
ගුණදාස අමරසේකර මහතා 1929 නොවැම්බර් මස 12 වැනි දින යටලමත්තේදී උපත ලැබීය. ගමේ පාසලින් සහ කොළඹ නාලන්දා විදුහලින් අධ්‍යාපනය ලද ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. අනතුරුව රජයේ දන්ත වෛද්‍ය ආයතනයට බැදුණු ඔහු එහි අධිපති ධූරය දක්වා උසස්වීම් ලැබීය.

Thursday, June 9, 2016

සිරි ගුණසිංහ / siri Gunasinghe

                       
    1925 වර්ෂයෙදී බුලත්කොහුපිටියේදී සිරි ගුණසිංහ මහතා උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි.

කේ. ජයතිලක / k jayathilaka

                         
           1926 වර්ෂයේදී රඳාවාන, කන්නිමහර නැමති ගමෙහි කේ. ජයතිලක මහතා උපත ලැබීය. රඳාවානේ ආණ්ඩුවේ පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසු කලෙක කෙටි කතා කරුවෙකු, නවකතා කරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකු හැටියට ප්‍රසිද්ධ විය

මඩවල එස්.රත්නායක / madawala s rathnayake

                       
1929 දෙසැම්බර් මස මඩවල නම් අලව්වට කිට්ටු ගම් ප්‍රදේශයක මඩවල එස්. රත්නායක මහතා උපත ලැබීය. පළමුව හුම්බුලුව පාසලටත් දෙවනුව කෑගල්ලේ පාසලකටත් ඇතුළු වී අධ්‍යාපන කටයුතු කළේය. මොහු සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය "පෙම් අම්මා" නමින් පාසල් වියේදීම මුද්‍රණය කළේය. පසුව මහනුවර සිල්වෙස්ටර් කොලීජියට ඇතුළත් වී එහිදී ඉගෙනීම අවසන් කර රැකියාවක් සොයා කොළඹට ගියේය.

එච්. එම් කුඩලිගම / H M kudaligama

                           
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.

එච්. එම් කුඩලිගම / H.M Kudaligama

                           
1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.

මර්සලින් ජයකොඩි පියතුමා. / Fr. Marcelline Jayakody

                       
 වයඹ පළාතේ දංකොටුවේ ගොඩැල්ල නම් ගමේ1902 ජුනි මස 03 වනදා මර්සලින් ජයකොඩි පුත් කුමරා උපත ලැබීය. මෙතුමාගේ මව බෞද්ධ කාන්තාවක් වූ නමුත් පියා කතෝලික බැතිමතෙක් විය. මාදම්පේ සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා පසුව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ඇතුළු විය. අධ්‍යාපන කටයුතු නිමා කොට 21 වෙනි වියේදී ජාතික දෙව්සත් හලට ඇතුළුව 1927 දී පූජාවරය ලැබීය

මර්සලින් ජයකොඩි පියතුමා. / Fr. Marcelline Jayakody

                         
වයඹ පළාතේ දංකොටුවේ ගොඩැල්ල නම් ගමේ1902 ජුනි මස 03 වනදා මර්සලින් ජයකොඩි පුත් කුමරා උපත ලැබීය. මෙතුමාගේ මව බෞද්ධ කාන්තාවක් වූ නමුත් පියා කතෝලික බැතිමතෙක් විය. මාදම්පේ සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා පසුව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ඇතුළු විය. අධ්‍යාපන කටයුතු නිමා කොට 21 වෙනි වියේදී ජාතික දෙව්සත් හලට ඇතුළුව 1927 දී පූජාවරය ලැබීය

Wednesday, June 8, 2016

මීමන ප්‍රේමතිලක / Mimana Premathilaka

                         
1918 සැප්තැම්බර් 20 වැනිදා රයිගම් කෝරළේ මීමන නැමති ගම්මානයේදී උපත ලැබීය. උප්පැන්නයේ සඳහන් වී තිබුණු නම කරුණාරත්න ප්‍රේමතිලක යනුයි. ප්‍රේමතිලක මහතා ශිල්ප ශාස්ත්‍ර හදාළේ හොරණ තක්ෂිලාවෙන්, හොරණ විද්‍යාරත්න පිරිවෙනින් සහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි.

Tuesday, June 7, 2016

මහගම සේකර / Mahagama Sekara

                           1929 අප්‍රේල් මස ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන නම් ගමේ ගොවි පවුලක උපත ලැබීය. රදාවානේ මහවත්තේ විසූ මහගමගේ ජෝන් අප්පුහාමි දම්පතීන්ගේ එකම පුත්‍රයා ඔහු විය. රදාවානේ රජයේ පාසලෙත් කිරිඳිවැල රජයේ මිශ්‍ර පාඨශාලාවේත් ඉගෙනුම ලැබීය. 1945 දී රජයේ ලලිත කලායතනයට බැඳුණි.

පී.බී අල්විස් පෙරේරා / P.B alwis perera

                         
  පිලදූව බෝයගමගේ අල්විස් පෙරේරා 1917 මාර්තු 03 වනදා කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටියේ වැස්ලියන් මෙතෝදිස්ත පාසලෙන් සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ පාසලෙනි. පස්වැනි පන්තියෙන් පාසල් අධ්‍යාපනය අවසන් කර බම්බලපිටියේ වජිරාරාම පුස්තකාලය, කොළඹ කෞතුකාගාර පුස්තකාලය ආදිය පරිහරණය කරමින් ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න