Pages

Friday, June 10, 2016

විමල් දිසානායක / wimal dissanayake

                     
  විමල් දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය දිනා ගත්තේය.



කොළඹ සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල වල සිංහල අධ්‍යයනාංශයෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඒ මහතා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව දර්ශනශූරී උපාධිය දිනා ගත්තේය. පසුව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යාපන අංශයේ මහාචාර්ය වරයා ලෙසද කලක් කටයුතු කළ එතුමා හවායි හි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

                    සන්නිවේදන වේදියෙකු, පර්යේෂකයෙකු, පරිවර්තකයෙකු, විචාරකයෙකු හා කවියෙකු වන දිසානායක මහතා අකල් වැස්ස, නර රකුසා, කල්ප විනාශය, ඉන්ද්‍රචාපය, රැව් පිළිරැව්, දුරු රට සිට යන පද්‍ය සංග්‍රහවල කතුවරයාය. විමල් දිසානායක මහතා විසින් ලියන ලද 'ගිරිකුළ හා සඳමඩල' විචාර ග්‍රන්ථයට සම්මානද හිමි විය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න