Pages

Thursday, June 9, 2016

මර්සලින් ජයකොඩි පියතුමා. / Fr. Marcelline Jayakody

                         
වයඹ පළාතේ දංකොටුවේ ගොඩැල්ල නම් ගමේ1902 ජුනි මස 03 වනදා මර්සලින් ජයකොඩි පුත් කුමරා උපත ලැබීය. මෙතුමාගේ මව බෞද්ධ කාන්තාවක් වූ නමුත් පියා කතෝලික බැතිමතෙක් විය. මාදම්පේ සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා පසුව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට ඇතුළු විය. අධ්‍යාපන කටයුතු නිමා කොට 21 වෙනි වියේදී ජාතික දෙව්සත් හලට ඇතුළුව 1927 දී පූජාවරය ලැබීය
.
 
                           පමුණුගම ඇතුළු මීසම් ගණනාවක අමිල මෙහෙවරක යෙදුණු මෙතුමාගේ ආගමික කටයුතු වඩාත් දීප්තිමත් වූයේ එතුමා බහුතර ජනතාවට දැක් වූ අසීමිත දයාව නිසයි. "මගේ නත්තල දුගියා බත් කන දාට" යැයි පැවසීමට තරම් සැබෑ මිනිස් ගුණාංගයන්ගෙන් මර්සලීන් ජයකොඩි පියතුමාගේ හදවත පරිපූර්ණව තිබුණි.

                        සංගීතයට හා ගීත ප්‍රබන්ධයට මෙන්ම කාව්‍ය කරණයටද නිපුණතාවයක් දැක්වූ මෙතුමාසමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති ධූරයද හෙබවූවේය. ජාති ආගම් භේද කිසිත් නොසැළකූ මෙතුමා පහත කවියෙන් ඒ බව ප්‍රකාශ කළේය.

                 උතුරත් දකුණත් අනෙක්                         දෙපැත්තෙත්
                 වෙහෙරින් සුදු වී නංවා                           කොත්
                 යම් විට යම් වී ඇති                                 හොත්
                 යළි නංවන තුරු කන්න එපා                  බත්

                       සම්මාන රැසක් හිමි කර ගත් මෙතුමාට සාහිත්‍ය, භාෂාව හා කලාව පෝෂණය කිරීම උදෙසා කළ මහඟු සේවාව වෙනුවෙන් ජනාධිපති සම්මානයද, පිලිපීනයේ මැග්සේසේ සම්මානයද හිමි විය. "මුතු" නමින් බෞද්ධ සංස්කෘතිය අගයමින් පළ වූ පද්‍ය සංග්‍රහයට සාහිත්‍ය සම්මානද හිමි විය. මෙතුමා විසින් රචිත ගීත වලට වැඩිපුර පාදක කර ගත්තේ සොබා සෞන්දර්යයි.

                      කතෝලික ජනතාවටත් බෞද්ධ ජනතාවටත් එක සේ තම දෑත දිගු කළ මෙතුමා වැඩිපුර හැඳින්වුණේ "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" ලෙසිනි. 1998 ජනවාරි මස දී මෙතුමා ස්වර්ගස්ථ විය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න