Pages

Friday, June 10, 2016

විමලරත්න කුමාරගම. / wimalaratne Kumaragama

                         
1919 ජනවාරි 18 වනදා පානදුම්බර පලිස්පත්තු බස්නාහිර කෝරළයේ නාරම්පනාවේදී විමලරත්න කුමාරගම මහතා උපත ලැබීය. මහනුවර මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලය, තෙල්දෙණියේ ද්විභාෂා විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය යන විද්‍යාස්ථන වලින් අධ්‍යාපනය හැදෑරීය.


                           1935 දී රජයේ ලිපිකාර විභාගයෙන් සමත් වී අනුරාධපුර කච්චේරියෙහි පත්වීමක් ලබා ගත්තේය. 1942 ප්‍රාදේශිය ආදායම් පාලක විභාගයෙන් සමත් වී පුත්තලම දෙමළ හත්පත්තුවේ ආණ්ඩුවේද නුවැඑළියේ උඩහේවාහැට ද රත්නපුර කුකුළු කෝරළයේ සහ කොළොන්නේද බදුල්ල බින්තැන්න හත්පත්තුවේද කෑගල්ලේ පරණකූරු කෝරළයේද කුරුණෑගල වන්නි හත්පත්තුවේද නුවරඑළිය කොත්මලේද රාජකාරි කළේය.

                    නිල් සීනය, ඔරුව, වන්නියේ විත්ති, හුරතල්ලු ආදී කවි පොත් කිහිපයක් රචනා කරන ලද්දේ වී නමුත් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළේ සංවේග වේදනා (1942), හපුමලී(1946) යන කවි පොත් පමණි. කුමාරගම මහතාගේ සියලු පද්‍ය රචනා එක්තැන් කළ කෘතියක් සුසිල් සිරිවර්ධන මහතා සහ එස්. විජේසූරිය මහතා විසින් 1987 දී පළ කරන ලදී. එය 'විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි' නම් වේ.

              විමලරත්න කුමාරගම මහතා 1962 දෙසැම්බර් 30 වැනිදා මහනුවර දී මෙලොවින් සමු ගත්තේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න