Pages

Friday, June 10, 2016

ටිබෙට් ඇස්. මහින්ද හිමි. / Tibet S.Mahinda Himi

                       
1901 දී පමණ මධ්‍යම ආසියාවේ කුඩාම රට වන සිකිම් දේශයේදී මහින්ද හිමියෝ උපත ලැබූහ. උප්පැන්න සහතිකයේ සඳහන් වූ නාමය එස්.කේ තෂිනම්ග්‍යල් යනුවෙනුයි. 1912 දී හෝ 1914 දී සිය සොහොයුරා වූ සිකිම් පුණ්ණජී හිමියන් සහ ජර්මන් ජාතික ඤාණාතිලොක හිමියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේය.


                        දකුණු පළාතේ දොඩන්දූවේ, පොල්ගස්දූව ආරාමය මුල්ම වාසස්ථානය විය. අනතුරුව සොහොයුරා සමඟ කොළඹ පැමිණියේය. සිකිම් මහින්ද හෙවත් ඇස්. මහින්ද නමින් පැවිද්ද ලබා මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ප්‍රාචීන භාෂාවන්ද මරදානේ මහාබෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවද හදාළේය. ගුරු පත්වීමක් ලැබ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සිංහල, පාලි, බුද්ධ ධර්මය ආදී විෂයන් ඉගැන්වීය.

                     1936 සිට අපවත් වන තුරුම පානදුරේ, මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාමයෙහි වැඩ වාසය කළේය. ලියා පළ කළ පොත් සංඛ්‍යාව 40 කට ආසන්නය. ඒවා අතර පහළ බාලාංශයේ සිට 8 වැනි ප්‍රමාණය දක්වා සිසුන් වෙනුවෙන් කව් මිණ පොත් පෙළ ද කව් මුතු පොත් පෙළ ද ළමා කව් කළඹ පොත් පෙළ දදරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල, නිදහස් මන්ත්‍රය, නිදහස් දැහැන, ලංකා මාතා වැනි කවි පොත් ද වේ.

                     ටිබෙට් ඇස්. මහින්ද හිමියන්ගේ සියලු පද්‍ය රචනා එක් තැන් කළ කෘතියක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් 1987 දී පළ කරන ලදී. එය 'මහින්ද ප්‍රබන්ධ' නම් වේ. 1951 මාර්තු 16 වැනිදා ටිබෙට් ඇස්. මහින්ද හිමියන් අපවත් විය.

2 comments:

Unknown said...

Nice

Unknown said...

WARADI GODAK THIYANAWA

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න