Pages

Thursday, June 9, 2016

මඩවල එස්.රත්නායක / madawala s rathnayake

                       
1929 දෙසැම්බර් මස මඩවල නම් අලව්වට කිට්ටු ගම් ප්‍රදේශයක මඩවල එස්. රත්නායක මහතා උපත ලැබීය. පළමුව හුම්බුලුව පාසලටත් දෙවනුව කෑගල්ලේ පාසලකටත් ඇතුළු වී අධ්‍යාපන කටයුතු කළේය. මොහු සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය "පෙම් අම්මා" නමින් පාසල් වියේදීම මුද්‍රණය කළේය. පසුව මහනුවර සිල්වෙස්ටර් කොලීජියට ඇතුළත් වී එහිදී ඉගෙනීම අවසන් කර රැකියාවක් සොයා කොළඹට ගියේය.


                      ප්‍රථමයෙන් ඔහු දිනමිණ පුවත්පතේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළේය.1952 වර්ෂයේදී පැවැත්වූ කෙටි කතා තරඟයෙන් මඩවල මහතාගේ "පීතර මාමා" කෙටි කතාවට දෙවැනි ස්ථානය හිමි විය.

                     බුදු හිනාව, නොමළ මල්, වැහි වළාකුළු, තවලම් කාරයෝ, පහන නිව්වා කටින් පිඹලා, උපන්දා සිට කරපු පව් නැත, සුවඳ හමන අනාගතයක් යන කෙටි කතා සංග්‍රහයන්ද, රුබයියාට්, රොබින්සන් කෘෘසෝ යන පරිවර්තනයන්ද, අක්කර පහ, සිත නැති බඹ ලොව, පානෙන් අඳුරට, සඳ පායා කන්ද කපා, අම්බලම් පාළුවෝ, අක්කයි මායි, අළුත ගෙනා මනමාලි, නමින් නවකතාද ඔහු විසින් ලියා පළ කරන ලදී. අක්කර පහ නවකතාවට 1954 දී දොන් පේදිරික් සාහිත්‍ය ත්‍යාගය ලැබුණු අතර, එය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා විසින් සිනමාවට නැගීය.

                      ගීත නිර්මාණයෙහි මනා හැකියාවක් ප්‍රකට කළ මඩවලයන්ගේ ගීත තවමත් ජනප්‍රියව පවතී. "මින්දද හීසර", "බඹරෙකු අාවයි", "සැදෑ කළුවර", "හීන හතක් මැද", ""හඳ පායා සිනාසේවි", "තණ්හා ආශා" වැනි ගීත ඉන් කිහිපයකි.

                     මඩවල එස්. රත්නායක මහතා ගුවන් විදුලියේ පිටපත් රචකයෙකු හා සම්පාදක වරයෙකු ලෙස 1954 සිට කටයුතු කළේය. ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන් අතර පද්‍යාවලිය, ටිකිරිලියා, යෞවන සමාජය, විජය ගීත, මධුවන්ති යන එ්වා කැපී පෙනුණි. පසුව රූපවාහිනියේ විචිත්‍රාංග අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

                     1997 ජනවාරි මස 09 වැනිදා මඩවල එස්. රත්නායක මහතා මෙලොවින් සමු ගත්තේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න