Pages

Tuesday, October 17, 2017

ජේම්ස් ජොයිස් / James Joyce

               
 ජේම්ස් ජොයිස් මහතා 1882 වර්ෂයේ දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී උපත ලැබීය. එහුගේ බාල විය හා තරුණ විය ගෙවුණේ මේ නගරයේ ය.


                 සියලුම නවකතා ආදියට අත්දැකීම් සැපයූ විශ්ව කෝෂය ඩබ්ලින් නගරය යයි කීම නිවැරදිය. ජේම්ස් ජොයිස් ගේ වැඩිහිටි විය ගෙවුණේ ස්විට්සර්ලන්තයේය. ප්‍රංශය හා ඉතාලිය යන රට වලය. ඔහු ඒ රට වල ප්‍රධාන නගරයන් හි ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කළේය.

                 1907 වර්ෂයේ දී "Chamber Music" නම් කාව්‍ය සංග්‍රහයත් 1914 වර්ෂයේ දී "Dubliners" නම් කෙටි කතා එකතුවක් පළ විය. මෙම කෙටි කතා එකතුවෙහි ඔහුගේ යථාර්ථවා දී දර්ශනය සංකේතාත්මක භාෂාව සහ මිනිස් ජීවිතය පිළිබද සියුම් නිරීක්ෂණ අපූරුවට පිළිබිඹු විය.

                  1922 වර්ෂයේ දී "A Portalt of The Artist as aYoung Man" නැමති ස්වයං චරිතාපදානමය වූ නව කතාව  පළ විය. ඉන් අනතුරුව "Ulysses"  (1925) හා "Finnigans Wake" (1939) යන නව කතා ප්‍රකාශයට පත් විය. "Exiles" නම් නාට්‍යය පළ වූයේ 1918 වර්ෂයේ දීය.

                 ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු ලෙස ලෝකයා විසින් ම පිළි ගැනුණ ද ජොයිස් තම මුලු ජීවිත කාලයේ දී ම අවඥාවට අසාධාරණයට හා හා නොතකා  හරිනු ලැබීමට ලක් වූ අයෙකි. විඥාන ධාරා සන්දර්භය ඉතා සාර්ථක ලෙස මුල්වරට භාවිතා කරන ලද්දේ ජොයිස් විසිනි. පැරණි වදන් නව නව අරුත් දෙන සේ යෙදීම ඔහුගේ කෘති වල එන තවත් ලක්ෂණයකි. ජොයිස් ඉතාම දිළිදු දුක්ඛිත ජීවිතයක් ගෙවා 1941 වර්ෂයේ දී ජනවාරි මස 13 වන දින ක්ෂය රෝගයකින් මිය ගියේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න