Pages

Sunday, October 22, 2017

ජයශංකර් ප්‍රසාද් / Jayasankar Prasad


             
  1890 වර්ෂයේ දී ජනවාරි 30 වන දින කාශි හි ධනවත් පවුලක උපත ලද ජයශංකර් ප්‍රසාද් පාසල් අධ්‍යාපනය ලැබූයේ අට වන පන්තිය තෙක් පමණි. පසුව සංස්කෘත, උර්දු, හින්දි හා ඉංග්‍රීසි යන භාෂෘවන් හැදෑරීය.


                 කුඩා කල සිට කාව්‍ය නිර්මාණයට ඇලුම් කළ ප්‍රසාද් මුලින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් වූයේ ද කවියෙකු ලෙසය. පසුව ඔහු නාට්‍ය රචකයෙකු නව කතා කරුවකු කෙටි කතා කරුවෙකු හා නිබන්ධ රචකයෙකු වශයෙන් හින්දි සාහිත්‍ය ක්ෂේත්‍රයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තේය.

                හින්දි නාට්‍යය නව මගකට යොමු කරමින් එයට ප්‍රශස්ත ස්වරූපයක් දීමේ ගෞරවය ප්‍රසාද්ට හිමි විය. එමෙන්ම මොහු හින්දි සාහිත්‍යයේ ජායාවාදී කාව්‍ය යුගයේ ප්‍රධානතම කවියන් සතර දෙනාගෙන් එක් අයෙකු ලෙස ද සැළකේ. කවියකු වශයෙන් ඔහුගේ ප්‍රතිභාව ඉතා විශිෂ්ට බව විචාරකයින්ගේ පිළිගැනීමයි.


                 හින්දි කෙටි කතා සාහිත්‍යය බිහි කිරීමේ ලා දායක වූ ජයශංකර් ප්‍රසාද්ගේ මුල්ම කෙටි කතාව පළවූයේ "ඉන්දු" නැමති සගරාවේය. "ග්‍රාමී" නමින් හැදුන්වුණු එම කෙටි කතාව තත්කාලීන යුගයේ ස්වතන්ත්‍ර කෙටි කතාව ලෙස පිළි ගැනේ. බාරතීය ඉතිහාසය පිලිබදව ගැඹුරු අධ්‍යයනයක් කළ ප්‍රසාද් තම නිර්මාණ සදහා ඒවා උගයෝගී කර ගත්තේය.


              ප්‍රසාද් විසින් ලියන ලද කෙටි කතා සංඛ්‍යාව 70 ක් පමණ වේ. ඒවා කෙටි කතා සංග්‍රහ පහක් තුළ කැටි කර ඇත.


              ප්‍රසාද් ගේ ප්‍රථම කෙටි කතාව "ග්‍රාමී" වූ අතර අවසන් කෙටි කතාව "සාල්වතී" නම් වේ.

          1937 වර්ෂයේ නොවැම්බර් 15 වන දින ඔහු මෙලොව හැර ගියේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න