Pages

Tuesday, October 10, 2017

අගාතා ක්‍රිස්ටි / agatha christie

           
1890 වර්ෂයේ දී සැප්තැම්බර් 15 වන දින එංගලන්තයේ ඩෙවෝන් ප්‍රදේශයේ දී ටොකේ නම් නුවර අගාතා ක්‍රිස්ටි උපත ලැබුවාය.


          ඇය බාල වියේ දීම පියා මිය ගිය බැවින් මව ඇය ගැන සොයා බලමින් හොද අධ්‍යාපනයක් ලබා දුන්නාය. එසේම ලේඛන කලාවට නැඹුරු වීමටද ඇයව යොමු කළාය.

                 අගාතා ක්‍රිස්ටි තම ප්‍රථම රහස් පරීක්ෂක තතාව වූ "The Mysterious Affair" 1920 වර්ෂයේ දී පළ කලාය. ඇය විසින් නිර්මාණය කරන ලද බෙල්ජියම් ජාතික රහස් පරීක්ෂක හර්කියුලේ පොයිරෝ පාඨකයන් හමුවට පැමිණෙන්නේ මෙම කතාවෙනි. මේ පොත ඉතා ජනප්‍රිය විය. එයින් දිරිමත් වූ අගාතා ඊළග වසර පනහ තුළ නව කතා අසූවක් ලියුවාය.

     "The Murder of Robert Ackloyed"  (1926)
     "The Murder on the Orient Express" (1934)
     "Dead Mans folly" (1930)
     "Passenger to frankfurt"  (1970)  ඉන් සමහරකි.

       ඇය විසින් ලියන ලද රහස් පරීක්ෂක කෙටි කතා රාශියකි. ඒවා අතර,
            "Poirot Investigates" (1924)
            "Partners in Crime" (1924)
            "The Hound of Death" (1933) යනා දිය වේ.

          අගාතා ක්‍රිස්ටි, මාරි වෙස්මාකට් නම් ආරූඪ නාමයකින් තවත් ත්‍රාසජනක කතා කිහිපයක් ලියා ඇත.

        "The Mousetrap" (1952) නම් ඇයගේ නාට්‍යය බ්‍රිතාන්‍යයේ වේදිකා ගත වීය. "Witness for the                        Prosecution" (1953) නාට්‍යය සිනමාවට නැගුණි. අගාතා ක්‍රිස්ටි විසින් මවන ලද පොයිරෝ සහ ජේන්             මාප්ල් නම් රහස් පරීක්ෂක චරිත දෙක අදත් ඉතා ජනප්‍රියය.

        අගාතා ක්‍රිස්ටි නම් ලේඛිකාව 1976 වර්ෂයේ ජනවාරි 12 වන දින මෙලොවින් සමු ගත්තේය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න.....

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න