Pages

Tuesday, October 17, 2017

රඩියාඩ් කිප්ලිං/ Rudyard Kipling

                 
  1865 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනි දින ඉන්දියාවේ බොම්බාය නගරයේ දී රඩියාඩ් කිප්ලින් උපත ලද්දේ ය. ඔහුගේ පියා මහාචාර්ය වරයෙකි. කුඩා වියේ අධ්‍යාපනය ලබනු පිණිස එංගලන්තයට ගිය කිප්ලිං පෙරලා ඉන්දියාවට පැමිණ පත්‍ර කර්තෘ වරයෙකු ලෙස රැකියාවක් ලබා ගත්තේය.


                    ඔහුගේ සුප්‍රකට කතා සහ කාව්‍ය රැසක් ලියවුණේ පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරද්දීය. රඩ්යාඩ් කිප්ලින් එංගලන්ත වාසීන්ට ඉන්දියාවේ වසන ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජීවිතය ගැන බොහෝ දෑ දැන ගන්නට සැලැස්වීය.

                  ඔහු 1887 වර්ෂයේ දී ලියූ "Plain Tales From the Hills" එවන් තොරතුරු වලින් පෝෂිත ග්‍රන්ථයකි.

                පෙර අපර දෙදිග රට වල සංචාරය කොට ඇමරිකන් තරුණියක් විවාහ කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ වර්මන්ට් පළාතේ පදිචි වී සිටිය දී ඔහුගේ කතා ඉතා ජනප්‍රිය කෘතියක් වූ "Jungle Book" පළ විය. "මවුග්ලි" නම් ළමයා එම පොතේ කතා නායකයා විය.

               කිප්ලින් 1896 වර්ෂයේ දී එංගලන්තයට ගොස් සසෙක්ස් ප්‍රදේශයේ ස්ථීර පදිංචි කරුවෙක් විය. 1907 වර්ෂයේ දී ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුණි.

              "The Light That Failed"      (1891)
              "Tim"     (1901)
              "Many Invention"  (1893)
              "Captain Courageons" (1897)
              "Lifes Handicaps" (1891)
              "Debts and Credits"  (1926)

  යනා දී කෘති කිප්ලින් විසින් රචිත කෘති වේ. ඔහු ලියූ පැදි වැල් අතරින් ඉතාම ජනප්‍රිය වූ කවිය වනුයේ "If" නම් වේ. කිප්ලින් 1936 වර්ෂයේ ජනවාරි 18 වන දින සසෙක්ස් හිදී මිය ගියේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න