Pages

Saturday, October 21, 2017

Heu Loftin / හියු ලොෆ්ටිං


                   වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් වූ හියු ලොෆ්ටිං හට පළමුවන ලෝක යුද්ධයේ දී හමුදා ලුතිනන්වරයෙකු වශයෙන් යුද්දය සදහා පිටියට යෑමට සිදු විය. යුද පිටියේ ඒකාකාරී නීරස ජීවිතය මග හැර ගන්නටත් ගෙදර දමා ගිය සිය දරුවන් පිනවීමටත් ඔහු ලියූ ලියුම් මෙම නිර්මාණ වලට මුල් විය.


                   ඔහු සිය ලියුම් මගින් "දොස්තර ඩූ ලිට්ල්" නම් අපූරු චරිතයක් නිර්මානය කළේය. ඩූ ලිට්ල් දොස්තර කෙනෙකු වශයෙන් මෙන් ම මිනිසෙකු වශයෙන් ද අපූරු චරිතයකි. එම් බී උපාධිය හිමි කර ගත් ප්‍රකට වෛද්‍යවරයෙක් වූ ඔහු මිනිසුන්ට වෙද කම් කිරීමෙන් ධනය හා කීර්තිය රැස් කර ගත් නමුත් මේ සියල්ල අලුයම ලූ කෙළ පිඩක් මෙන් අත් හැර දැම්මේය. මෙම අපූර්වත්වයෙන් යුක්ත චරිත නිර්මාණය ඇතුලත් වී "දොස්තර ඩූ ලිට්ල් ගේ කතා" වශයෙන් ප්‍රකාශනයට පත් වී තිබේ. මේ කතා පොත් භාෂා ගනනාවකට  පරිවර්තනය වී ලෝකයේ නොයෙක් රට වල වෙසෙන්නා වූ කෝටි සංඛ්‍යාත පාඨක පිරිස් එදා සිට අද දක්වාම කියවා රස විදිති.

                  ශ්‍රී ලංකාවේ රූපවාහිනිය "දොස්තර හොද හිත" නමින් සිංහල හඩ කැවූ කාටුන් කතා මාලාව මහත් සේ ළමා ප්‍රේක්ෂකයන් රස විදිනු ලැබූ කෘතියකි.

               
                    ලොෆ්ටිං ගේ අපූර්ව වූ නිර්මාණ ශූරත්වය හියූ වෝල්පෝල් නම් විචාරකයා මෙසේ විග්‍රහ කරයි.


"හය මසකට පෙර හැම්ෂයර් හි පොත් සාප්පුවෙන් මුල් වරට අහම්බෙන් අහුලා ගෙන කියවූ මම කොයිතරම් සන්තුෂ්ටියකට පත් වූයේ ද යන්න මට තවම මතකය. සැබවින්ම එහි අති විශිෂ්ට නිර්මානහීලීත්වයක ප්‍රතිඵලයකි. එබදු අසමසම නිර්මාණශීලීතවයකින් නිර්මාණය වූ කෘතියක අංග එකින් එක විශ්ලේෂනය කිරීම අමාරුය. මෙම කතා පොතෙහි කාව්‍යමය ලීලාවක් මෙන් ම මන කල්පිත විශ්මය ජනක භාවයක් ද ගැබ්ව තිබුණි. එය උපහාස රසය, දයානුකම්පාව නැතහොත් කරුණා රසයෙන්ද අනූන වේ. වයස අවුරුදු හතරේ දරුවෙකුට මෙන් ම අනූ හැවිරිදි මහල්ලෙකුටද හතලිස් පස් හැවිරිදි පොහොසත් බැංකු කරුවෙකුට ද ඔහු විසින් නිර්මාණය කල චරිත හා සිදුවීම් එක සේ රස විදිය හැක. ලොෆ්ටිං මහතා මේ හාස්කම කෙසේ කළා දැයි මම නොදනිමි. එය ඔහු ද දන්නවා යැයි මම නොසිතමි."  

                 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න