Pages

Friday, October 13, 2017

ඩී එච් ලෝරන්ස් / Lowrence

                   
1885 වර්ෂයේ දී සැප්තැම්බර් 11 වන දින එංගලන්තයේ නොටිංහැම් හි ඊස්ට්වුඩ් ගම්මානයේ ඩී. එච් ලෝරන්ස් උපත ලැබීය. ඔහුගේ පියා පතල් කම්කරුවෙකි.


                   නොටිංහෑම්හි උපන් ලෝරනස් ලිපිකරුවෙකු සහ ගුරුවරයෙකු ලෙස සේවය කලේය. තමන් උපත ලද කාර්මික පරිසරයෙන් හෙම්බත් වූ ඔහු පෙරදිග සහ අපරදිග රටවල් රාශියක සංචාරය කලේය. ඔහු ලංකාවට ද පැමිණ තිබේ. ඔහු ලියූ නව කතා රාශියකි. ලෝරන්ස්ගේ නව කතා තහනමට ලක් විය. ඒ ඔහු ලිංගික ජීවිතය යථාර්ථවාදීව විස්තර කළ බැවිනි. 1928 වර්ෂයේ පළ වූ "Lady Chatterlees lover" එවැන්නකි.

                   ලෝරන්ස්ගේ කාව්‍යමය භාෂාවක් ඔහුගේ කෘති සදහා භාවිතා කරයි. එසේම සංකේත සහිතයි. ඒවායේ කිසියම් ගූඪ බවක් ඇත. ඔහු ඒ ගූඪ අදහස් උකහා ගත්තේ පෙරදිගින්  විශේෂයෙන් ඉන්දියානු සාහිත්‍යයෙන් ගත් සංකල්ප ඇසුරෙනි. ඔහුගේ නවකතා අතර,

                     "Sons and Lovers" (1913)
                     "The Rainbow" (1915)
                     "Women in Love" (1913)
                     "The Plumed Serpent" (1926)  වේ.

                  ඔහු විසින් ලියූ "The Gypsy and the Virgin"  ආදී කෙටි කතා "The Complete short stories of D.H Lowrance" නම් සුවිසල් වෙලුමෙහි ඇත.

                    මේ හැර ඔහු මෙක්සිකෝව ඉතාලිය හා සාර්ඩ්නියාව ආදී රට වල කළ සංචාරයන් අළලා ලියූ ලේඛන සහ පද්‍ය කිහිපයක් තිබේ.

                   ඩී එච් ලෝරන්ස් මහතා 1930 වර්ෂයේ දී මාර්තු 02 වන දික මිය ගියේය. මිය යන විට ඔහුට වයස අවුරුදු හතලිස් පහකි. 

1 comments:

Unknown said...

attatama agaya karanawa oyalage me utsahaya.

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න