Pages

Monday, October 9, 2017

ඇල්බර්තෝ මොරාවියා / alberto moravia

               
1907 වර්ෂයේ නොවැම්බර් 28 වන දින රෝමයේ දී ඇල්බර්තො මොරාවියා උපත ලැබීය. මොහු දෙවන ලෝක යුද්ධ සමයේ සිටම ලෝකයේ සාහිත්‍ය රසිකයන් අතර මහත් සැලකිල්ලට පාත්‍ර වූ ලේඛකයෙකි.


                මොරාවියා උග්‍ර ෆැසිස්ට් විරෝධයෙක් විය. ඔහුගේ විශිෂ්ට නව කතා අතර , "The Time of Indifference"  (1929)  "The Woman of Rome" (1947)  "The Epidemic" (1944)  යන ඒවා විශේෂත්වයක් ගනී. ඔහුගේ "The Time of  Indifference" කෘතියෙහි විවරණය වූයේ ෆැසිස්ට් වාදයේ දූෂිත බලපෑමට හසු වූ රෝමයේ මධ්‍යම පාන්තික ජීවිතයයි. මේ සමාජයේ ස්ත්‍රී පුරුෂයෝ එකිනෙකා කෙරෙහි ලිංගික යන්ත්‍ර මෙන් හැසුරුණහ. "The Woman of Rome" නව කතාවෙහි රෝම වෛශ්‍යා ස්ත්‍රීන්ගේ ජීවිතය මොරාවියාගේ පරීක්ෂණයට භාජනය විය.

                  ෆැසිස්ට්වාදය නමැති ජුගුප්සාජනක වසංගතයට අනුගතව පැවති සමාජය පිළිබදව උපමා කතාවක ස්වරූපයෙන් "The Epidemic" නවකතාව රචනා වී ඇත. ඔහුගේ මුඛ්‍ය තේමාව වූයේ මිනිසුන් ප්‍රේම කළ නොහැකි කමින් ලිංගික සේවනයෙහි තෘෂ්ණාහරිත වන අන්දමය. එනයින් ඔවුහු වෛශ්‍යයාවන් ඇසුරු කළහ. මොරාවියාගේ මේ තියුණු භාවපූර්ණ ප්‍රවේශය අසාමාන්‍ය එකක් විය.
     
                 ඔහු කෙටි කතා ද බොහෝ ගණනක් රචනා කොට ඇත. විචාර ලිපි ද, සමාජ අර්ථ කථනද ඔහුගේ සෙසු කෘති අතර වෙයි. ඔහුගේ කෘති කිහිපයක් මෙසේයි... "Contempt"  "Boredom"  "Two Women"  "The Conformist"  "Roman Tales"  "Agostino"   "The Vayeur"  "Conjugal Love"

                1990 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වන දින ඇල්බර්තෝ මොරාවියා මරණයට පත් විය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්න...... 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න