Pages

Friday, October 13, 2017

අර්නස්ට් හෙමිංවේ / Ernest Hemigway

               
 1899 වර්ෂයේ ජූලි 21 වන දින එක්සත් ජනපදයේ ඉලිනොයිහි ඩික්පාත් නුවර අර්නස්ට් හෙමිංවේ උපන්නේය. ප්‍රදේශයේ උසස් පාසලක උගත් ඔහු තරුණ වියේ දීම පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවයට බැදුණි.


                පළමුවන ලෝක යුද්ධ සමයේ ගිලන්රථ රියදුරෙකු සේ හමුදාව සේ එක්ව ප්‍රංශයට ගියේය. යුද්ධය නිමා වූ පසු Toronto Star නම් පුවත්පතේ ප්‍රවෘත්ති ලේඛක තනතුර ලැබීය.

               හෙමිංවේ ගේ සිත නවකතා ලොව වෙත ඇදී ගියේ ඔහු ප්‍රංශයේ වසය කළ සමයේය. ඒ සමයේ එහි දී ලේඛක ලේඛිකාවන් රැසක් ඇසුරු කිරීමට ඔහුට අවස්ථා ලැබුණි. ඔහු 1924 වර්ෂයේ දී තම මුල්ම කෙටි කතා සංග්‍රහය වූ "In Our Times" පළ කළේය. 1926 වර්ෂයේ දී ඔහුගේ සුප්‍රකට නව කතාව " The Sun Also Rises" ප්‍රකාශයට පත් වූ කළ ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. හෙමිංවේගේ සාහිත්‍ය නිර්මාණ අතර,

           "Men Without Women" කෙටි කතා සංග්‍රහය (1927)
           "A Farewell to Arms" නව කතාව (1929)
           "For Whom the Bell Tolls" නව කතාව (1940)
           "Across the River" නව කතාව (1950)
           "The Old Man and the Sea" නව කතාව (1952)

               යන නවකතා මුල් තැන ගනී. හෙමිංවේ ගේ කතා වල අපූර්ව චරිත, සුවිශේෂී දෙබස් සහ නාට්‍යයමය සිදුවීම් බහුලය. 1984 වර්ෂයේ දී ඔහුට සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගය ලැබුණි. ජීවිතයේ අවසාන භාගයේ දී මානසික අර්බුධයකින් පෙලුන ඔහු 1961 වර්ෂයේ ජූලි මස 02 වන දින තමන් පදිංචිව උන් ගොවිපළේ දීම හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න