Pages

Wednesday, October 11, 2017

ෂන් පෝල් සාර්ත්‍ර / Zan Pol Sartr

              1905 වර්ෂයේ පැරිස් නගරයෙහි උපත ලද්දේය. ඔහු විසිවන සියවසේ ප්‍රංශ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ආධිපතයය දැරූ ලේඛකයා ලෙස ඇතැම් විචාරකයෝ හදුන්වති.



             සාර්ත්‍ර සාංදෘෂ්ටිකවාදී දාර්ශනික ගුරු කුලයේ ප්‍රමුඛයෙකි. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ කෙරෙහි ද සාංදෘෂ්ටිකවාදී දෘෂ්ටිය බලපා ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ සිරකරුවෙකු වශයෙන් ජර්මනියේ විරෝධතා පෙරමුණක ක්‍රියාකාරීව කටයුතු කළේය. සාර්ත්‍ර නවකතා, කෙටි කතා හා නාට්‍ය ගණනාවක් රචනා කොට ඇත.

            "ජුගුප්සාව" (The Nausea) ඔහු විසින් මධ්‍යම පාන්තික පුහු වටිනාකම් හා අනුකරණ අංග උපහාසයට හසු කරමින් රචනා කරන ලද නව කතාවකි. ඔහුගේ "The Age of Reason" හා "The Reprieve" යන නව කතා ඉංග්‍රීසි නගා ඇමරිකාවේ ප්‍රකාශයට පත් කෙරිණි. ඔහුගේ "In Intimacy" නැමති කෙටි කතා සංග්‍රහය 1939 දී පල විය.

             1964 වර්ෂයේ සාර්ත්‍රට ඩොලර් 53000 ක වටිනාකමින් යුත් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කලේය. තමා හැම විටම නිල සම්මාන බැහැර කරන බවත් සම්මානයක් පිළි ගන්නා ග්‍රන්ථ කරුවෙකු සංස්ථාවක් බවට පත් වීමෙන් පාඨකයා අයථා බලපෑමකට හසු වන බවත් ඒ සදහා හේතු දක්වමින් සාර්ත්‍ර සදහන් කළේය. ෂන් පෝල් සාර්ත්‍ර 1980 වර්ෂයේ අභාවප්‍රාප්ත විය. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න