Pages

Saturday, October 21, 2017

මුරසකි ෂිකිබු / Murasaki Shikubi


                        මුරසකි ෂිකිබු ජපන් ජාතික ලේඛිකාවකි. ඇයගේ ප්‍රථම නව කතාව ලෙස සැළකෙන්නේ "ගෙංජි මොනොගතරි" හෙවත් " ගෙංජිගේ කතාවයි"  මෙම කෘතිය විසි වැනි සියවසේ නවීනතම ප්‍රබන්ධ හා සැසදුවද ලොව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් සේ හැගෙයි. මෙම ප්‍රබල ව්‍යාපාරය කාන්තාවක අතින් ආරම්භ වීමත් විශේෂයෙන් ඇය පෙර දිග කාන්තාවක වීමත් සුවිශේෂී සිද්ධියක් සේ සැලකිය හැකිය.



                      මුරසකි ජපන් රාජ භාෂාවේ හුන් පරිවාර කාන්තාවකි.  ඒ ක්‍රි.ව. 978 දී පමණ යැයි කියති. ඇය පරලෝ සැපත් වූයේ 1031 දීය. ඒ ගැන ද නිශ්චයක් නැත. නව කතාව පෝෂණය වී අග්‍ර ස්ථානයකට පත් බටහිර පවා මනෝ විද්‍යාත්මක නව කතාව පහළ වන්නට ශත වරැ්ෂ හයකට පමණ ඈත අතීතයේ දී මුරසකි ආර්යාව විසින් මනෝ විද්‍යාත්මක නව කතා ක්‍රමය සොයා ගෙන තිබූ බවට "ගෙංජි මොනාගතරිය" සාක්ෂි දරයි. ගෙංජිගේ කතා ප්‍රවෘත්තිය දිග හැරීගෙන විකාශනය වනුයේ ජපානයේ තිබෙන සාම්ප්‍රදායික හකුලන චිත්‍රයක් දිග හැර සමස්ථ චිත්‍රයම රස විදිය හැකිවාක් මෙන් ම මදින් මද දිග හරිමින් කොටසින් කොටසද ආස්වාදය කළ හැකි අයුරින්ය. ගෙංජිගේ කතාව ද මෙනයින් හකුලන ජපන් චිත්‍රයකට නෑකම් කියයි.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න