Pages

Sunday, October 22, 2017

යසුනරි කවබතා / Yasunari Kawabatha

                 

                     
 1899 ජූනි 11 වැනි දින ජපානයේ ඔසාකා නුවර දී යසුනරි කවබතා උපත ලද්දේය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු කවබතා තෝකියෝ හි ඉම්පිරියල් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබීය.එහි දී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ලේඛන දිවියට නැඹුරු විය.



                        කවබතාගේ රචනා බොහොමයක් අතීතය ස්මරණය කරමින් ලියූ ඒවා විය. "හිම බිම"  "කොකුන් දහසක්" ආදී ඔහුගේ කෘතීන් පාඨකයන් විසින් ඉතා ආශාවෙන් කියවෙන නිර්මාණයි. ඔහුගේ වාසනාවන්ත කාලය වූයේ 1947 - 54 යන අවධියයි. එම වකවානුවේ නිර්මාණය කළ "යමානෝ ඕටෝ" (yamano oto) කෘතිය ලෝක පූජිත විය. 1975 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද "සුන්දරත්වය හා ශෝකය" (beauty and sadness) කෘතිය සදහා නොබෙල් ත්‍යාගයද හිමි විය.


                     රබීන්ද්‍රනාත් තාගෝර් ගෙන් පසු සාහිතයය උදෙසා නොබෙල් ත්‍යාගය දිනාගත් දෙවන ආසියාතිකයා වීමේ ගෞරවය කවබතාට හිමි විය.


                     ජපානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මිනිසෙකු හැටියට පිදුම් ලබන යසුනරි කවබතා 1972 වර්ෂයේ අප්‍රේල් 16 දින සියදිවි නසා ගත්තේය.


0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න