Pages

Monday, October 9, 2017

ඕගස්ට් ස්ට්‍රිංබර්ග් / august Strindberg

               
 1849 වර්ෂයේ ජනවාරි මස 22 වන දින ස්ටොක්හොම් ප්‍රදේශයේ දී ස්ට්‍රිංබර්ග් උපත ලැබීය. ඔහුගේ පවුල දොළොස් දෙනෙකුගෙන් යුක්ත විය. මේ නිසා ස්ට්‍රිංබර්ග් ට උරුම වී තිබුණේ දොම්නස් සහගත ලමා වියකි.


                  ඔහු 1867 වර්ෂයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇරඹුවද එය අතරමග නැවතුණි. ඉන්පසු පුවත්පත් කලාවේදියෙකු බවට පත් විය. 1874 වර්ෂයේ දී ඔහු රාජකීය පුස්තකාලයේ සහායක තනතුරකට පත් විය.  එහෙත් රැකියාවන් අත්හැර දැමීම ඔහුගේ සිරිත විය. 1877 වර්ෂයේ දී තමාට වඩා වයස්ගත වයස්ගත ස්ත්‍රීයක් සමග විවාහ විය.

                මොහු ලේඛකයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ 1879 වර්ෂයේ රචනා කළ "The Red Room" නැමති නව කතාවෙනි. එය සමාජයේ ප්‍රචලිත කුහකකම් එළිදරව් කෙරෙන කෘතියක් විය. පළමු බිරියගෙන් දික්කසාද වීමෙන් අනතුරුව ඔහු විවාහයන් කිහිපයකටම ඇතුලු විය. ඔහුගේ ජීවිත කාලය ගෙවී ගියේ කටුක ලෙසය.

                 මොහු විටෙක හේතු වාදියෙක් ද තවත් විටෙක සමාජ වාදියෙක් ද , විය මනාව රචනා වී තිබුණු ඔහුගේ "කුරිරු" නිර්මාණ වල අශික්ෂිත සෞන්දර්යය ක් ගැබ් වී ඇතැයි ඇතැම් විචාරකයෝ සදහන් කරති. ස්ට්‍රිංබර්ග් ගේ කෘති අතර නවකතා, කෙටිකතා, කාව්‍ය, නාට්‍ය හා උපහාස රචනා ද වෙයි.

                  නවකතා කරුවෙකු හා නාට්‍ය රචකයෙකු වශයෙන් ඔහුගේ බලපෑම යුරෝපය හා ඇමරිකාව ඇතුලු ලොව පුරාම පැතිර ගියේය. එනමුදු ඔහුගේ ප්‍රමුඛ මාධ්‍යය නාට්‍ය කලාව විය. "The Stronger" "(1890)
"The Dance of Death" (1901) "The father"(1887) හා "Miss Julie"(1888) ඔහුගේ  සුප්‍රකට නාට්‍ය විය. "In Mid Summer Days and Other Tales"(1913) ඔහුගේ කෙටි කතා සංග්‍රහයකි. එයට අමතරව ඔහු විසින් රචනා කරන ලද කෘති කිහිපයක් මෙසේය.  "Inferno" (1897)  "To Damascus" (1898)  "A Dream Play" (1902) "The Ghost Sonata" (1908) ඔහුගේ කාව්‍ය රචනා පසුව ඉංග්‍රීසියට නගා 1915 වර්ෂයේ දී "New Poems" යන නමින් පළ කෙරිණි.

                 1911 වර්ෂයේ නත්තල් සමයේ දී ඔහු ආමාෂ පිළිකාවක් නිසා රෝගා තූර විය. ඔහුගේ ජීවිතයේ අවසාන සති කිහිපය වේදනාකාරී වූ අතර ස්ටොක්හිම් හි දිනපතා පුවත්පත් සෑම පැයක දීම ඔහුගේ සෞඛ්‍යය පිළිබද වාර්තා කළේය. රට පුරා සිටින පාඨකයන්ගෙන් ලිපි සහ ටෙලිග්‍රෑම් ගණනාවක් ඔහුට ලැබී ඇත. වර්ෂ 1912 වර්ෂයේ දී මැයි මස 14 වන දින ඔහු වයස අවුරුදු 63 දී මිය ගියේය.

               

                  

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න