Pages

Wednesday, October 4, 2017

පර්ල් එස්. බක් / pearl s buck

                   
විශ්ව කීර්තියට පත් වූ මේ අග්‍රගණ්‍ය කතුවරිය උපත ලද්දේ ක්‍රි.ව. 1892 ජුනි මස 26 වන දිනය. පර්ල් සයිඩන්ස්ට්‍රිකර් ඇයගේ මුල්ම නමයි.


                      ඇය උපතින් ඇමරිකානු වුව ද ඇයගේ මව්පියන් වූ ඇබිසොලම් සහ කැරොලින් සයිඩන්ස් ට්‍රිකර් යුවල චීනයේ ජීවත් වූ ඇමෙරිකානු ක්‍රිස්තියානි මිෂනාරි වරුන් වූ බැවින් ඇගේ ළමා කාලය හා යොවුන් කාලය ගෙවුණේ චීනයේය.

                    ඇය ඉන්පසුව වැඩි දුර අධ්‍යාපනය හැදෑරීම සදහා උපන් දේශය වන ඇමරිකාවට ගියාය. අධ්‍යාපනය හදාරා පෙරලා චීනයට පැමිණ නැංකිං විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරියක ලෙස සේවය කලාය. පසුව ඇය ඇමරිකානු ජාතික ආචාර්ය ජෝන් බක් සමග විවාහ වූවාය.

                     තම නිර්මාණ ශක්තියෙන් මුලු ලොවම පුබුදුවා ලූ මේ ගත්කතුවරිය විවිදාකාර ග්‍රන්ථ රාශියක් ලොවට තිලිණ කළාය. "දී එක්සයිල්" "පයිටිං ඒන්ජල්" "ද හවුස් ඔෆ් අර්ත්" "ද ෆස්ට් වයිෆ් ඇන්ඩ් අදර් ස්ටෝරිස්" යන ඇගේ ග්‍රන්ථ ලොව පුරා පාඨක සිත් ඇද බැද ගැනීමට සමත් විය. මේ සුවිශේෂි ගත්කතුවරියට නොබෙල් සම්මානයද හිමි විය. ඒ 1938 වර්ෂයේ  ඇය විසින් ලියන ලද "ගුඩ් අර්ත්" යන කෘතියටය.

                       දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යුද සේවාවෙහි නියුතුව සිටි ඇමරිකානු සොල්දාදුවන්ට දාව ආසියාතික රට වල බිහි වූ නීත්‍යානුකූල පියවරු නොමැති දරුවන් සදහා 1963 දී ඇය විසින් අරමුදලක් ආරම්භ කළාය. එය පර්ල් එස්. බක් පදනම නමින් හැදින්වීය. ලේඛන කලාවෙන් ඇය ඉපයූ මුදලින් වැඩි කොටසක් මෙම අරමුදල සදහා කැප කළාය.

                     1973 වර්ෂයේ දී මාර්තු 06 වන දින ඇය මෙලොව හැර ගියේය.

ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න.........    

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න