Pages

Sunday, October 22, 2017

වික්ටර් හියුගෝ / Victor Hugo


                        1802 වර්ෂයේ පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බියන්තෝන්තේ දී වික්ටර් හියුගෝ උපත ලැබීය. වික්ටර් හියුගෝ ගේ පියාණන් වූයේ ජෝසප් ලියෝපෝල්ඩ් සිගිස්බර්ට් හියුගෝ ය. ඔහු වෘත්තියෙන් යුද්ධ හමුදාවේ ජෙනරාල් වරයෙකි.


                        පියාගේ රැකියාව නිසා ප්‍රංශය පුරාම ජීවත් වෙන්නට හියුගෝ ට සිදු විය. හියුගෝ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු පැරීසියේ නීති පීඨයට ඇතුලු වී නීතිය හැදෑරුවේ ය.

                       
                    ඔහුගේ ප්‍රථම නව කතාව වූයේ "Hand Islande" ය. ඊට පසු "Cromwell" නාට්‍යය ඔහු විසින් ම එළි දැක්වීය. එයට ද විශාල ප්‍රතිචාරයක් ලැබිණි.

                       
                      වික්ටර් හියුගෝ විශාල නවකතා ප්‍රමාණයක් ලියන ලද ලේඛකයෙකි. එම සෑම නවකතාවක්ම ප්‍රංශය පුරා ඉතාම ජනප්‍රිය විය. සිංහල බසට පරිවර්තනය කරන ලද "මනුතාපය" නම් වික්ටර් හියුගෝ ගේ කෘතිය ලාංකික සැමගේ සිත බැදුන කෘතියකි. එය පාසල් ළමුන් අතර ද ඉතා ජනප්‍රියය.

                       
                      වික්ටර් මාරි හියුගෝ නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා 1855 වර්ෂයේ මැයි මස 22 වන දින සදහටම  දෙනෙත් පියා ගත්තේය.

                       

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න