Pages

Monday, June 6, 2016

ජී.බී සේනානායක / G.B Senanayake

                         
  1913 ජූලි 10 වැනිදා කොළඹ මුල්ලේරියාවේදී ජී. බී සේනානායක මහතා උපත ලැබීය. දෙමාපියන් කුරුණෑගලින් කොළඹට සංක්‍රමණය වූ උදවියයි. ගුණතිලක බණ්ඩාර සේනානායක යනු උප්පැන්න සහතිකයේ සඳහන් නාමය විය.


                          ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව කණිෂ්ඨ පංතිය දක්වා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙහි ඉගෙනුම ලැබ ආර්ථික දුෂ්කරතා නිසා පාසල් ගමන අත් හිටුවීය.වැඩිදුර අධ්‍යාපනය ලැබුයේ ස්වෝත්සාහයෙනි. ඔහු සිය වෘත්තීය ආරම්භ කළේ දිනමිණ පුවත්පතෙහි සංස්කාරක වරයෙකු වශයෙනි. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිංහල බෞද්ධයා පුවත්පතෙහිද සේවය කළේය. කෙටි කලකින් ඉන් ඉවත් වී අවිවාහකව දිවි ගෙවමින් පූර්ණ කාලීන ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙස ලේඛන කලාවේ නිමග්න විය.

                      1945 දී මුල්ම කෘතිය වූ "දුප්පතුන් නැති ලෝකය" නම් කෙටි කතා සංග්‍රහය පළ කළේය. 1946 දී "පළිගැනීම"නැමති කෙටි කතා සංග්‍රහයට නිසදැස් කවි කිහිපයක්ද ඇතුළත් කරමින් නව කවි ආරක ප්‍රණේතෘවරයා බවට පත්විය. බොහෝ විචාරකයෝ නිසදැස් කවිය දේශීය සම්ප්‍රදායට පටහැනි සාහිත්‍යාංගයක් ලෙස සැළකූහ.ඇතැමෙක් එය අපරදිග සාහිත්‍යය අවිචාරවත්ව අනුකරණයෙන් සකස්කොට ගන්නා ලද රචනා විශේෂයක් ලෙස බැහැර කළහ. අනතුරුව වෙනත් කවීන්ද නිසදැස් ලිවීමට පෙළඹීමෙන් එය ජීවිතය හා සම්බන්ධ විවිධ අත්දැකීම් ප්‍රකාශ කිරීමට උචිත කාව්‍ය විලාසයක් බවට පත්විය.

                    අනතුරුව ලියා පළ කළ කෘති අතර "දැල් කවුළුව", "විඳිමි", "සෙවණැලි", යන කවි පොත්ද, "මේධා", "චාරුමුඛ", "වරදත්ත", "අවරගිර", "රළබිඳුම", "කැකෑරිල්ල", "මලපුඩුව", "ජලගැල්ම", "බැඳුම", "රුව", "උරගල", "මුදුපාණි", "කෙළෙස් සයුර", "එකට එක" යන නවකතා පොත්ද, "මිතුරිය", "ගමන", "ඈත බැලුම", "නැටුම" යන කෙටි කතා පොත්ද, "මල් කුමාරි", "රත් හඳුන් රූපය", "මහලෝබයා", "හාල්මැස්සා", "හීනය", "අඹ කතාව" යන ළමා පොත්ද, "නවකතා කලාව", "බටහිර ශ්‍රේෂ්ඨ නවකතා", "විචාර ප්‍රවේශය", "සාහිත්‍ය සේසත්", "සාහිත්‍ය විග්‍රහය", "සාහිත්‍ය ධර්මතාවය", "සාහිත්‍ය දර්ශන සිතුවිලි" යන විචාර පොත්ද, "රුබෙයියාට්, "රණරාළ" යන පරිවර්තනද, "විනිවිදිමි අඳුර", "මගේ සිතුම් පැතුම්", "මම එදා සහ අද" යන චරිතාපදාන ද වේ.

                    අවිවාහක ජීවිතයක් ගත කළ ජී.බී සේනානායකයන් ඔහුගේ මුළු ජීවිතයම සාහිත්‍ය කලාව වෙනුවෙන් කැප කළේය. අවසාන භාගයේදී අන්ධ වී සිටියදීත් ඔහු ග්‍රන්ථ කරණයෙහි යෙදුණි. 1985 මාර්තු 16 වැනිදා ඔහු කලුරිය කළේය.

11 comments:

Unknown said...

Good godak hoda watina wedak

Unknown said...

watinawa pattetama ala jathi jathi

Unknown said...

Thanx ඕන කරන හැම කෙනෙක් ගැනම තොරතුරු හොයාගත්තා gdk watina wedak

Unknown said...

ගොඩාක් හොදයි....ලමුන්ගේ වැඩ වලට ගොඩක් වට්නවා

Unknown said...

හොඳ වැඩක් දිගෙටම කරගෙන යන්න.. GOOD LUCK 👍

Unknown said...

අදහස උතුම්...good work

Ruwanthi said...

Well done
Great job!!!

Unknown said...

බොහෝම ස්තූතියි... ගොඩාක් වැදගත් වෙන තොරතුරු හම්බුනා.දිගටම මෙය කරගෙන යන්න Good Luck👍

Unknown said...

Art karana kenekta godak wadagath karunu hoya ganna.👩‍🎓♥

Valuable words said...

බොහොම ස්තූතියි... මම ලියන පොතට ගොඩක් විස්තර සොයාගත්තා...

Valuable words said...

Yes

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න