Pages

Friday, June 10, 2016

මොනිකා රුවන්පතිරණ / monica ruwanpathirana


                         
1946 පෙබරවාරි 26 වැනිදා මාතර මාලිමිබඩ දී මොනිකා රුවන්පතිරණ මහත්මිය උපත ලැබීය. මෙතුමිය මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ හා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීය. 1964 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව කලා විෂයන්ගෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධි ලැබුවාය.


                          ග්‍රන්ථ කරණයට ප්‍රවිශ්ඨ වූයේ 1971 දී "අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්" නමැති කාව්‍ය සංග්‍රහය පළ කරමිනි. එතැන් පටන් පළ කළ කෘති මාලාව අතර තහනම් දේශයෙන්, අංගුලිමාලගේ සිහින, ඔබ යෙහෙළිය ඇය ගැහැණිය, විසි  වසක ශේෂ පත්‍රය, අසන් පත්තිනි දේවතාවී, අලුත්ම සිහිනය, හිපොක්‍රටීස් සහ රෝහිණිය ආදී කවි පොත් එළි දැක්වීය.

                     තවද වසන්තිට සහ වසන්තටය, කසාද කොන්දේසි, දූ කුමරි, සිරිපා කවි ආදී යොවුන් කවි පොත්ද, අතුරු මිතුරු, කැළෑ ගමේ කවි, සිදාදියේ කවි, නැළවිලි කවි, ආසිරි ලංකා, වන්දනා ලංකා, සුන්දර ලංකා ආදී ළමා කවි පොත්ද කුසුමලතාගේ දවසක්, අමරාට සැමියෙක් ආදී කෙටි කතා පොත්ද නවාතැන් පොළේදී වැනි රචනා සංග්‍රහයන්ද නව කවි විමසුම වැනි විචාර පොත් ද ඇය අතින් රචනා විය.

                  අසන් පත්තිනි දේවතාවී හා හිපොක්‍රටීස් සහ රෝහිනිය යන කෘති වලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. ගජමන් නෝනාගෙන් පසු සිංහල කාව්‍ය වංශයේ අමරණීය නාමයක් සටහන් කළ එකම කාන්තාව ලෙස විචාරකයින්ගේ සහ රසිකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.

                 මොනිකා රුවන්පතිරණ මහත්මිය 2004 ජූලි 10 වැනිදා මෙලොවින් සමු ගත්තාය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න