Pages

Tuesday, June 7, 2016

පී.බී අල්විස් පෙරේරා / P.B alwis perera

                         
  පිලදූව බෝයගමගේ අල්විස් පෙරේරා 1917 මාර්තු 03 වනදා කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේදී උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටියේ වැස්ලියන් මෙතෝදිස්ත පාසලෙන් සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ පාසලෙනි. පස්වැනි පන්තියෙන් පාසල් අධ්‍යාපනය අවසන් කර බම්බලපිටියේ වජිරාරාම පුස්තකාලය, කොළඹ කෞතුකාගාර පුස්තකාලය ආදිය පරිහරණය කරමින් ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය.

විවාහ වූයේ පුහුණු ගුරුවරියක හා ප්‍රවීණ කිවිඳියක වූ ඉන්ද්‍රා කුමාරනායක සමඟය. පසුකලෙක කුරුණෑගල වදාකඩ පදිංචි වී අංගංගල දේදුනු කාව්‍ය විද්‍යාලය නමින් ආයතනයක්ද දේදුන්න නමින් කවි සඟරාවක්ද පවත්වාගෙන ගියේය. 1942 දී ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ "උක්දඬු දුන්න" පළ විය.

                  පෙරේරා මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය සිංහල සමිතියේ මෙහෙයවීමෙන් 1944 දී පැවැත්වුණු සිංහල පද්‍ය තරගයෙන් මුල් තැන දිනා ගත්තේය. "හෙළදිව" නැමති සතිපතා පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරීමෙන් සහ "සිංහල ජාතිය" "ස්වදේශ මිත්‍රයා" "ලංකාදීප" "දිනමිණ" ආදී පුවත්බත් සඟරාවලට රචනා සැපයීමෙන් ඔහු වැදගත් සේවයක් ඉටු කළේය.

                     සොබාදහම, රන්තලිය, අපේ හටන, වේදනාව, ළමයින්ගේ සුරපුර, මියගිය කිරිල්ලී, සංවාදය, අන්ධ කවියා, බුදුමැදුර, මිණිපාන,  දෙව්ලොව ගිය කම්මැලියා, ලුමුම්බා, කේයස්, විමලරත්න කුමාරගම, ජන්ම භූමි, ඉරුණු කොඩිය, අනුර සීනය, සුවඳවිලවුන්, නොගයන ගීතය, වනමාලා, කව්ද ඇවිල්ලා, සුදු මැණිකේ, ගොවි පෙරමුණ, කරදාසි පහන්, නා ගහ යටදී, ජපන් රටේදී ලියවුණු කවි, අලුත් කඳුල, පබළු මිණි අනෙකුත් කාව්‍ය සංග්‍රහයන්ය.

                         පී.බී අල්විස් පෙරේරා මහතාගේ සියලු පද්‍ය එක්තැන් කළ කෘතියක පළමු වෙළුම අමර හේවාමද්දුම සහ සරත් විජේසූරිය විසින් 1993 වර්ෂයේදෘ පළ කරන ලදී. එය "පී.බී අල්විස් පෙරේරා පැදි එකතුව " නම් වේ.

                       1966 අගෝස්තු 21වනදා පී.බී අල්විස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න