Pages

Thursday, June 9, 2016

සිරි ගුණසිංහ / siri Gunasinghe

                       
    1925 වර්ෂයෙදී බුලත්කොහුපිටියේදී සිරි ගුණසිංහ මහතා උපත ලැබීය. මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි.


               පසුව උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ගුණසිංහ මහතා සංස්කෘත භාෂාව පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී ගෞරව උපාධියත් පැරීසියේ සොර්බෝන් විශ්ව විද්‍යාලයෙන් දරශනශූරී උපාධියත් දිනා ගත්තේය. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයෙහි ආචාර්ය පදවිය දැරූ ගුණසිංහ මහතා වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි ලලිතකලා ඉතිහාසය පිළිබඳ අධ්‍යාපන අංශයේ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළේය.

                    නූතන සිංහල කවිය නව මඟකට යොමු කළ කවීන් අතර ප්‍රමුඛයෙකු වන එතුමා අතින් ලියැවුණු කාව්‍ය සංග්‍රහයන් වන්නේ  'මස් ලේ නැති ඇට' සහ 'රතු කැකුළ' යි. 'හෙවණැල්ල' එතුමාගේ එකම නව කතාවයි.

                  කවිය‍ෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නවකතා කරුව‍ෙකු හා චිත්‍ර කලා ඉතිහාසඥයෙකු වන සිරි ගුණසිංහ මහතා සාහිත්‍ය සේවය සඳහා දොන් පේද්‍රක් සම්මානයද, රොකපෙලර් ආයතනයේ අධි ශිෂ්‍යත්වයක්ද ලබා ගත්තේය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න