Pages

Sunday, November 12, 2017

රබර් වගාව / Rubber cultivation


                                                      රබර් වගාව යනු......
              රබර් ශාකයේ සම්භවය දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තර  (බ්‍රසීලය) ත=ළ සිදු වී ඇත. මෙම ගස හෙවියා (Hevea) ඝණයට අයත් ඉයුෆෝබියාසියේ කුලයට (Euphor Blaceal) අයත් ගසකි. මෙහි වාණිජ වගාව සදහා යොදා ගන්නා විශේෂය හෙවියා බ්‍රෙසීලියන්සිස්  (Hevea brasilinsis)  උද්බිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි.

            දකුණු ආසියාතික රට වල බහුලව රබර් වගා කෙරේ. එංගලන්තයේ කිවි උද්භිත උද්‍යානයේ වගා කර තිබූ බවට කරුණු දැක්වෙන අතර සර් හෙන්රි විකම් මහතා විසින් 1876 වර්ෂයේ දී බීජ පැල 1919ක් ගෙන ආ‍ අතර පළමු වරට ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ වගා කර ඇත. මෙම ශාකයට 2000mm - 4000mm අතර ඒකාකාරීව පැතුරැනු වර්ෂාවක් තිබිය යුතු අතර හොද ජල වහනයක් ඇති ගැඹුරු පසක් තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ රබර් වගාව කලුතර, රත්නපුර, ගම්පහ යන දිස්ත්‍රීක්ක වල ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාප්ත වීම කුඩා පරිමාණ රබර් වතු හිමියන් තුළින් මූලිකවම සිදු වන අතර එය මුලු ප්‍රමාණයෙන් 70% ක් පමණ වේ.          අප රටේ වැවිලි බෝග අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා රබර් වගාව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන බෝගයකි.


                                                      රබර් ක්ලෝන   


  •  RRISL 201
  • RRISL 205
  • RRILS 206
  • RRISL 210
  • RRISL 211
  • RRISL 215
  • RRISL 216
  • RRIC 102
  • RRIC121
  • RRIC 130      
                                           
                                                           රබර් තවාන් පාලනය
                             රබර් බෝගය සාම්ප්‍රධායික ලෙස බීජ මගින් ප්‍රචාරණය වන අතර ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා තවානක මනා ලෙස නඩත්තු කරන ලද සිටුවීමට සුදුසු නීරෝගී පැලයක් යොදා ගනී.


                                                         තවාන් සදහා අවශ්‍ය දෑ

                            උසස් තත්වයේ බද්ධ පැල නිෂ්පාදනය කිරීමට නම් ග්‍රාහක පැල හා බද්ධ අතු යන දෙවර්ගයම උසස් තත්වයෙන් තිබීම අත්‍යවශ්‍ය වේ. උසස් තත්වයේ බීජ පැළයක් හෙවත් ග්‍රාහක පැළයක් ලබා ගැනීම ප්‍රධාන වශයෙන් අනුගමනය කරන ලද පැල තෝරා ගැනීමේ ක්‍රියාවලිය මත රදා පවතී. බද්ධ පොතු සදහා නම් බද්ධ අතු තවානේ වයස වසර දහයකට වඩා අඩු විය යුතුය. හොදින් පොහොර යොදන ලද වාර්ෂිකව කප්පාදු කරන ලද එකක් විය යුතුය. තවද තවානේ ක්ලෝන මිශ්‍ර නොවී වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.


                                                      තවාන සදහා බීජ වැලි තෝරා ගැනීම.

                                  බීජ වල ගුණාත්මකභාවය සෙවීම සදහා දැනට පවත්නා එකම ක්‍රමය ඒවා වැලි තවානක වපුරා දින 07 - 14 ක් ඇතුලත පොරෝහනය සිදුවේද යන්න සොයා බැලීමයි. තෝරා ගන්නා බීජ දිලිසෙන මතුපිටක් සහිත බරැති හා පොලාපනින ගුණයෙන් යුක්ත වේ.

                                                          තවාන් කිරීම සදහා සුදුසු බීජ


                                                              බීජ වැලි තවානක තවාන් කිරීම
                                වැලි තවානක් යනු සෙවණැති ස්ථානයක අතුරන ලද 5 cm උස පළල සහ අවශ්‍ය ප්‍රමාණයට දිගින් යුත් පිරිසිදු ගංගා වැලි තට්ටුවක් සහිත පාත්තියකි. එහි වර්ග මීටරයක ප්‍රදේශයක බීජ 100 ක් පමණ ඇති විය හැක. මේ අනුව තවාන් කිරීමට බලාපොරොත්තු වන බීජ ප්‍රමාණය අනුව පාත්තියේ දිග තීරනය කර ගත යුතු වේ. මෙහි දී බීජ එක් තට්ටුවක් පමණක් අතුරා වැලි වලින් යන්නතමින් වැසිය යුතු වේ. බීජ පොරෝහනය සදහා වැලි පාත්තිය හොදින් තෙත්ව පැවතීම අවශ්‍ය වන අතර ඒ සදහා අවම වශයෙන් දිනකට දෙවතාවක් ජලය ඉසීම කළ යුතු වේ. බීජ වැපිරීමෙන් දින 07 - 10 ක් පමණ පසුව පොරෝහනය ආරම්භ වේ. පොරෝහනය වූ බීජ දිනක් හැර දිනක් තෙවතාවක් පමණක් සිටුවීම සදහා යොදා ගත යුතුය. පසුව පැළ වෙන ඒවා දුර්වල බැවින් ඉවත් කළ යුතුය. වැලි තවානේ වපුරන ලද බීජ සියල්ලම පොරෝහනය වුවද සිටුවීම සදහා යොදා ගනු ලබන්නේ එයින් උපරිම වශයෙන් 50% ක් පමණි. මෙහි දී මුලින් පොරෝහනය වූ බීජ තෝරා ගන්නා නිසා වැපිරිය යුතු බීජ සංඛ්‍යාව ග්‍රාහක පැල අවශ්‍යතාවය මෙන් දෙගුණයක් ය.

                                              පොරෝහනය වූ බීජ මලු තුළ සිටුවීම

                                     ගේජ් 300 ක කලු පොලිතින් වල සාදන ලද අගල් 6 х 15 ප්‍රමානයේ මලු මේ සදහා යොදා ගනී.  මලු පිරවීම සදහා මතුපිට පස් යොදා ගනී. ඊට කොමිපෝස්ට් පොහොරද යෙදිය හැක. බීජ පොරෝහනය වීමත් සමගම ඒවා මලු තුළ සිටවිය යුතු අතර වියළි කාළගුණික තත්ව යටතේ සෙවණ සැපයිය යුතුය. බීජ පොලිතින් මලු වල සිටුවා මාස දෙකකින් පසු දුර්වල පැළ ඉවත් කළ යුතුය. තවානට මාස 04 ක් ගත වූ පස් බද්ධ කිරීම සිදු කල හැක.
                                                                  බද්ධ කිරීමට සුදුසු පැළ 




                                                                         බද්ධ කිරීම


                       හොදින් නඩත්තු කරන ලද ග්‍රාහක පැළ මාස 03 - 04 කාලයක දී බද්ධ කිරීමට හැකි තත්වයට පැමිණේ. බද්ධ කිරීම සදහා මෙම පැළ වල කද මි.මී 06 කට වඩා වැඩි විය යුතුය. බද්ධ කිරීම සදහා බහුලව යොදා ගන්නේ අංකුර බද්දයයි. බද්ධ කිරීමෙන් සති 04 කට පසු බද්ධ අංකුරයේ සිට අගල් 06ක් උසින් කප්පාදු කර අලුත් අංකුරය වැඩීමට සලස්වනු ලැබේ.                                 
                                                        අංකුර ලියලා ඇති පැල



                                                        තවානේ රෝග පාලනය
                                    තවානක ඕනෑම රෝගයක් ඉක්මණින් පැතිර යාමට ඉඩ ඇත. රබර් පැළ වලට තවානක දී ඉතා හානිදායක වන්නේ දිලීර රෝග වුවත් කෘමි උවදුරු මෙන් ම භෞතික වශයෙන් ඇති විය හැකි පාරිසරික ප්‍රශ්ණ ද ඇතැමිවිට බලපායි. තවානක රෝග වළක්වා ගැනීම සදහා රෝග සෑදීමට පෙර සිටම රසායනික ද්‍රව්‍ය යොදමින් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

                                                    
                                                   අවුරුද්ද පුරාම දැකිය හැකි රෝග













තවානෙන් ක්ෂේත්‍රයට

                 මේරූ කොළ මාලයක් හෝ කොළ මාල දෙකක් සහිත පැළ ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ යුතුය. පැළ සිටුවීමට දින 10 කට පමණ පෙර පොලිතින් බෑගයේ පතුලින් පිටතට වැඩුණු මුල් කපා පසින් වෙන් කර ප්‍රවාහනය කළ යුතුය. පැළ සිටුවන තුරු හිරු එළියට කෙලින්ම නිරාවරණය නොවන පරිදි හොදින් ජල සම්පාදනය කර තබා  ගැනීම අවශ්‍ය වේ.


                                               ක්ෂේත්‍රයේ රබර් වගාව ස්ථාපනය කිරීම හා රැක බලා ගැනීම.
                                   
                                   රබර් වගාව සදහා ක්ෂේත්‍රය සකස් කර ගැනීමේ ආරම්භක කටයුත්ත වනුයේ බිම් සකස් කිරීමයි. නැවත රබර් වගා කිරීමේ දී වගාව තුළ මුල් රෝග පැතිර යෑම වළක්වා ගැනීම සදහා ආරම්භක කටයුතු වලදී භූමියේ ඇති සියලුම ගස් වර්ග මුල් සමග ගලවා ඉවත් කළ යුතුය.


                                           සිටවිය යුතු ගස් ප්‍රමාණ සහ පරතරයන්.

                               වගා ස්ථාපනය සදහා අනුමත පැල ප්‍රමාණය හෙක්ටයාරයකට පැල 510 - 520 වේ.
  • 4.3 m х 4.5 m       හතරැස් ක්‍රමය
  • 3.5 m х 5.5 m       එක් පේලි ක්‍රමය
  • 2.5 m х 7.75 m     දෙපේලි ක්‍රමය
  • 3m х 3m               ද්විත්ව පේළි ක්‍රමය 
  • ද්විත්ව පේළි අතර පරතරය 18 m විය යුතුය. (අතුරු බෝග සදහා)

                                              වලවල් කැපීම හා පිරවීම

                            වළක ප්‍රමාණය අඩි දෙකක් දිග දෙකක් පළල දෙක හමාරක් ගැඹුර විය යුතුය. වල පිරවීම සදහා ගල් මුල් කැබලි වලින් තොර මතු පිට පස් භාවිතා කළ යුතුය.


                                                පැල සිටුවීම

                       පැළ සිටුවීම මෝසම් වැසි ආරම්භයත් සමගම කළ යුතුය. එනම් මැයි ජුනි මාස වල දී හෝ ඔක්තෝබර් නොවැම්බර් මාස වලය. පැල සිටුවීමේ දී බිම් මට්ටමින් 5 cm - 10 cm පහළින් බද්ධ සන්ධිය පිහිට විය යුතුය. මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් කිරි කැපුම් කට්ටය බිම් මට්ටමට ආසන්න වේ.


                                                රබර් වගාව සදහා පොහොර භාවිතය

                      ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ප්‍රදේශ සැළකීමේ දී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සහ මැග්නීසියම් වල ප්‍රධාන වශයෙන් ඌනතාවයන් දක්නට ලැබේ. එබැවින් එම පෝෂ්‍ය පදාර්ථ අඩංගු පොහොර නිර්දේශ ප්‍රමාණයන්ගෙන් සහ අනුපාත වලින් යෙදීම ඉතා වැදගත් වේ.

රබර් වගාව සදහා යොදනු ලබන රසායනික පොහොර වර්ග





රබර් වගා කරන ප්‍රදේශ සදහා නිර්දේශිත පොහොර නිර්දේශය





                                                         පාංශු සංරක්ෂණය
                                       
                                 රබර් වගා කරන ඉඩම් වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක ඵලදායීතාවය අඩු වීම කෙරෙහි මතු පිට පාංශු ඛාදනය බලපා ඇත. රබර් වගා කර හැකි සරු බිම් ප්‍රමාණය සීමා සහිත වීම නිසා ඉදිරියේ දී මෙම තත්වය තවත් උග්‍ර වනු ඇත.


                                                     පාංශු සංරක්ෂණ ක්‍රම


  • සමෝච්ජ ක්‍රමයට පැළ සිටුවීම
  • ආවරණ වැල් වගාව
  • තෘණ වගාව
  • වසුන් යෙදීම
  • සමෝච්ජ ක්‍රමයට කාණු කැපීම
  • ගල් වැටි දැමීම

ආවරණ වැල් වගා කළ රබර් වගාවක්



                                                          රබර් කිරි කැපීම
  • ක්ෂේත්‍රයේ දී රබර් කිරි කැපීම සදහා සුදුසු ගසක් තෝරා ගැනීම
                             බද්ධ සංධියේ සිට 120 cm උසින් කදේ වටප්‍රමාණය 50 cm වන අවස්ථාව කැපුම් යෙදීමට සුදුසුය. වගාව මෙම ත්ත්වයට පත් වීමට වසර 06 ක් පමණ ගතවේ. ඉහත තත්වය වගාවෙන් 70% ක් තිබේ නම් එම වගාව අස්වනු නෙලීම සදහා සුදුසුය.


  • කැපුම් තල නිර්මාණය
                         රබර් කිරි කැපීම සදහා සුදුසු ශාකයක පළමුවෙන් ම කැපුම් තල ලකුණු කර ගත යුතුය. එය අංශක 30 ක ඇලයට තිබිය යුතු අතර එය ලකුණු කිරීම සදහා ඇලුමිනියම් රාමුවක් ඇත. එය ආධාරයෙන් කැපුම් තල නිර්මාණය කළ හැකිය.

                                                                 කැපුම් තල නිර්මාණය කරන ආකාරය


                                                                  රබර් කිරි කැපීම

                              කිරි කැපීම සදහා සුදුසු ම කාලය අලුයම 5ත් උදේ 8ත් අතරය. කිරි කපා පැය 03 ක් 04 ක් ඇතුලත කිරි එකතු කිරීම සිදු කරයි. ඉන්පසු නිෂ්පාදන සදහා ගන්නා තුරු කිරි කැට ගැසීම වලක්වා ගැනීම සදහා ප්‍රති කැටි කාරක ලෙස ඇමෝනියා ද්‍රාවණ එක් කරයි. 

                                                              කිරි කැපීමේ ක්‍රම

                                  S = ස්පයිරල්
                                  D = ඩේට්
  • S D සම්පූර්ණ වටය දිනපතා
  • S / 2D අර්ධ වටයක් දිනපතා
  • S D / 2 සම්පූර්ණ වටය දින දෙකකට වරක්
  • S/2 D/2 අර්ධ වටය දින දෙකකට වරක්  යනාදී වශයෙන් කිරි කැපීමේ ක්‍රම බොහොමයක් ඇත.

                                                            රබර් කිරි මැනීම

                                        රබර් කිරි ලීටරයක තිබෙන වියළි රබර් ප්‍රමාණෂය ගණනය කිරීම සදහා මෙට්‍රොලැක් උපකරණය යොදා ගනී. රබර් කිරි වල ඝනත්වය වැඩි වීම වියළි රබර් ප්‍රමාණය ද වැඩි වීමට හේතු වේ.


                                                      රබර් වගාවේ රෝග හා පළිබෝධ

  • සුදු මුල් රෝගය
                රබර් වගාව විනාශ කරන ප්‍රධානම රෝගය ලෙස සුදු හුණූ රෝගය හදුන්වනු ලබයි. මෙම රෝගය දිලීරයක් නිසා හට ගනියි. වැසි සහ උෂ්ණ අධික ඝර්ම කලාපීය ප්‍රදේශ වල වැවෙන දැව ලබා ගන්නා සහ සෙවණ දෙන ගස් වලට පවා වැළදිය හැකි සාමාන්‍යයෙන් බහුල දිලීර රෝගයකි.

  • රෝගය බෝ වන ආකාරය
                     රබර් පැළ සිටුවා මුල් වසර 04 දක්වා කාලය තුළ දී මෙම රෝගය ඉතා පහසවෙන් බෝ විය හැකිය. අලුතින් සිටුවන පැල වලට මෙම රෝගය බෝ වන්නේ ඒවායේ මුල් පැරණි වගාව ඉදිරීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරි වී පවතින පැරණි රෝගී මුල් සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව රෝගී මුල් කැබලි අලුත් වගාවක් සදහා ගෙන යාමේ දී ඒවා ක්ෂේත්‍රයට වැටීමෙන් මෙම රෝගය බෝ විය හැකිය.

  • රෝගය වැළැක්වීම
                       රෝගය මුල් අවධියේ දීම හදුනාගෙන පහසුවෙන් මර්ධනය කළ හැකිය. ඒ සදහා නිරන්තර මුල් පරීක්ෂාව සහ පත්‍ර වල අසාමාන්‍යතාවය ගැන සැළකිලිමත් වීම ඉතා වැදගත්ය. මේ සදහා දිලීර නාශක භාවිතා කළ හැකිය. පරිණත වගාවන් සදහා රෝගය වැළදුණ පසු සුව කිරීම ඉතා අපහසු අතර වඩා සුදුසු වන්නේ ගලවා ඉවත් තිරීමයි. ඉන්පසුව එම ගැලවූ ගස අවට අනෙක් ගස් වලට ප්‍රතිකාර කිරීම සහ දැඩි අවධානයෙන් සිටිය යුතුය. 

  •  රෝග පාලනය කිරීම සදහා ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම
                         නිසි කලට වල් නෙලීම
                          නිසි කලට නිසි ප්‍රමාණයෙන් පොහොර යෙදීම
                         තවානේ පැල නිවැරදිව පේලි ගස්වා තැබීම
                         අනවශ්‍ය අතු පතර ඉවත් කිරීම මගින් වාතාශ්‍රය හොදින් ලැබීමට සැලැස්වීම
                         නිවැරදි ජල සැපයුම

                                                        අගය එකතු කළ නිෂ්පාදන
                                        රබර් වල ප්‍රධාන නිෂ්පාදන දෙකකි. එනම් ෂීට් රබර් සහ ක්‍රේප් රබර් ය. මීට අමතරව ටයර්, පාපිසි, මෙට්ට, ශල්‍ය උපකරණ සහ වාහන අමතර කොටස් වැනි නිෂ්පාදන බොහොමයක් ඇත.


                                                     රබර් නිෂ්පාදන සදහා දේශීය සහ විදේශීය වෙළදපොළ

                                ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන සදහා දේශීයව ඉතා විශාල ඉල්ලුමක් ඇත. විශේෂයෙන් අපනයනය සදහා ශල්‍ය උපකරණ නිෂ්පාදනයට සහ ටයර් මෙට්ට සහ බුමුතුරුණු ඇතුලු විවිධ නිෂ්පාදන සදහා ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. විදේශීය වෙළදපොළ තත්වයද එලෙසමය. හ්‍රී ලංකාවේ ක්‍රේප් රබර් සදහා ලෝකයේ අති විශාල ඉල්ලුමක් ඇත. හදවත් රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ නිෂ්පාදනය සදහා ක්‍රේප් රබර් යොදා ගන්නා අතර ෂීට් රබර් සදහා ද ඉහල ඉල්ලුමක් ඇත. ටයර් නිෂ්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ෂීට් රබර් යොදා ගැනේ. මෙම තත්වය අනුව දේශීය විදේශීය වෙළදපොළ තත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවත්නා අතර වර්තමානයේ දීත් අනාගතයේ දීත් රබර් ගොවියාටත් හ්‍රී ලංකාවටත් රබර් වගාව ඉතා ඵලදායී වැවිලි භෝගයක් වනු ඇත.

Tuesday, October 31, 2017

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර / C.W.W kannangara


                 
    කන්නන්ගර මහතා ඉතාමත් දිළිදු පවුලක උපත ලද්දේය. ඉගෙනීමට මනා දක්ෂතාවයක් දැක්වූ ඔහු ශිෂ්‍යත්වයක් ලබා උසස් අධ්‍යාපනය සදහා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලු වූ කන්නන්ගර මහතාට නොයෙකුත් දුක් ගැහැට විදීමට සිදු විය.

Sunday, October 22, 2017

චිනුවා ඇච්බේ / Chinua Achbe



                       
                     
1930 වර්ෂයේ නොවැම්බර් මස 16 වන දින නයිජීරියාවේ ඔගිඩ් ප්‍රාන්තයේ දී චිනුවා ඇච්බේ උපත ලැබීය. එම ප්‍රාන්තයේ ම ගැමි පාසලක ඔහු මූලික අධ්‍යාපනය ලැබීය.

යසුනරි කවබතා / Yasunari Kawabatha

                 

                     
 1899 ජූනි 11 වැනි දින ජපානයේ ඔසාකා නුවර දී යසුනරි කවබතා උපත ලද්දේය. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු කවබතා තෝකියෝ හි ඉම්පිරියල් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබීය.එහි දී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ලේඛන දිවියට නැඹුරු විය.

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න