Pages

Tuesday, October 31, 2017

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර / C.W.W kannangara


                 
    කන්නන්ගර මහතා ඉතාමත් දිළිදු පවුලක උපත ලද්දේය. ඉගෙනීමට මනා දක්ෂතාවයක් දැක්වූ ඔහු ශිෂ්‍යත්වයක් ලබා උසස් අධ්‍යාපනය සදහා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලු වූ කන්නන්ගර මහතාට නොයෙකුත් දුක් ගැහැට විදීමට සිදු විය.



                       බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බලපෑම නිසා " මට විදීමට සිදු වූ දුක් ගැහැට මතු පරපුරට විදීමට ඉඩ නොදෙමි" යි කියා අදිටන් කර ගත්තේය. අධ්‍යාපනය අවසන් කළ එතුමා 1910 වර්ෂයේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරු සේවයට බැදුණි. ඉන් අනතුරැව මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

                           1915 වර්ෂයේ දී සිංහල මුස්ලිම් කෝලහාලය සමග සිරභාරයට ගත් සිංහල නායකයින් බේරා ගැනීාම් ව්‍යාපාරයට මෙතුමා ද දායක විය. ඒ සමග ඔහුගේ ගමන් මග දේශපාලනය දෙසට ඇදී යන්නට විය. ඉන්පසු 1923 වර්ෂයේ දී ව්‍යවස්ථාදායක සබාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය. 1930 වර්ෂයේ දී ලංකා ජාතික සංගමයේ සභාපති ධූරයට පත් වූ කන්නන්ගර මහතා අනතුරුව සිංහල මහා සභාවේ උප සභාපති තනතුරට පත් විය.

                         1931 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගාල්ල ආසනය සදහා කන්නන්ගර මහතා පත් වූයේ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා දෙගුණයක් වැඩි ජන්ද ලබා ගනිමිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති තනතුරට පත් වූ මෙතුමා 1947 දක්වාම එම තනතුරේ කටයුතු කරමින් ශ්‍රී ලාංකික ජනතාවට අනූපම සේවයක් ඉටු කළේය. 1946 වර්ෂයේ ඔකුතෝබර් 06 වන දින නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය විප්ලවීය පරිවර්තනයක් ඇති කළ සිදු වීමකි. දක්ෂතා ඇති වත්කම් නැති කොන් වී සිටි ගම්බද දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ මාර්ගය මේ පනත සමග එලි පෙහෙළි විය.

                        සියලු දරුවන්ට බාලාංශයේ සිට විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරුම අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව උදා විය. දක්ෂ දරුවන් සදහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කොට ඇතැම් ජන්ද කොට්ටාශයන්හි ඉදි කළ මධ්‍ය විද්‍යාල වල ඔවුන්ට ඉගෙනීමට පහසුව සලසා දුණි. නිදහස් අධ්‍යාපනය මල්ඵල ගැන්වීම සදහා ප්‍රාථමික අධ්‍යාපනය ස්වභාෂාවෙන් ලබා දීමට විධි විදාන යෙදීය. නිදහස් අධ්‍යාපනයට ඉටු කළ සේවය හේතු කොට ගෙන එතුමා "නිදහස් අධ්‍යාපනයේ පියා" යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන  ජාතික සම්පතක් ලෙස සළකනු ලැබේ.

                      තව ද එතුමා අධ්‍යාපනය පොත පතට පමණක් සීමා නොකොට පූර්ණ පෞර්ෂය වර්ධනය සදහා අදාල කුසලතා ඔප් නැංවීමට අවශ්‍ය පහසුකම් පාසල් වලට ලබා දීමට පියවර ගත්තේය.
                                             

2 comments:

Unknown said...

grate article about father of free education in sri lanka. thak you..

1986 said...

ර්හැන්ක් යූ

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න