Pages

Wednesday, October 4, 2017

ෆියදෝර් ආබ්‍රමොෂ් / Fyodor abramov

                   
 1920 වර්ෂයේ පෙබරවාරි 29 වන දින ආර්බන් ගෙල්ස්ක් ප්‍රදේශයේ කුඩා වන ගත ගම්මානයක ෆියදෝර් ආබ්‍රමොෂ් උපත ලැබීය. මොහු ප්‍රධාන පෙලේ සෝවියට් ලේඛකයෙකි.


                     ජීවිතයේ වැඩි කාලයක් ගමෙන් බැහැරව ජීවත් වුව ද උතුරු දිග රුසියාවේ ග්‍රාමීය ජීවිතය ඔහුගේ නිර්මාණ වල ප්‍රමුඛතම තේමාව විය. ෆියදෝර් ආබ්‍රමොෂ් නවසිය පනස් ගණන් වල වෘත්තීය ලේඛකයෙකු බවට පත් විය. එහු ලෙනින් ග්‍රෑන්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිලාභියෙකු වූ අතර වසර ගණනාවක් එහි දේශනද පැවැත්වීය. ඔහු සාහිත්‍ය විචාරකයෙක් ද වෙයි.

                       "The Pryaslins" නමින් පල වූ වෙලුම් හතරකින් යුතු නවකතාව ආබ්‍රමොෂ්ගේ ප්‍රමුඛ කෘතිය ලෙස සළකයි. එහි දී ලේඛකයා භයංකර යුද සමයෙහි උතුරු රුසියාවේ ගම්මානයක් කරා පාඨකයා කැදවාගෙන යයි. ආබ්‍රමොෂ්ගේ සියලු කෘති වලින් ජීවිතයේ ධනාත්මක මූලධර්ම අවධාරණය වන්නේ යැයි නවීන විචාරකයෝ සදහන් කරයි. ඔහුගේ කෘති සෝවියට් දේශයේ ද විදේශ රටවල ද භාෂා ගණනාවකට පරිවර්ථනය වී ඇත.

                   ඔහු විසින් රචිත කෘති කිහිපයක් මෙසේය.

                         BROTHERS AND SISTER (1958)

                         TOW WINTERS AND THREE SUMMERS (1968)

                         PATHS AND CROSSROADS (1973)

                         THE HOUSE (1978)

                  1983 වර්ෂයේ මැයි මස 14 වන දින ඔහු අභාවප්‍රාප්ත විය.

ඔබගේ යෝජනා හා අදහස් අප සමග බෙදා ගන්න........
                                                                         

            

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න