Pages

Wednesday, October 4, 2017

ඉග්නාට්ෂියෝ සිලෝනෙ / ignazio silone

             
1900 වර්ෂයේ මැයි මස 01 වන දින ඉතාලියේ ෆ්‍යුසිනෝ විල අසබඩ පෙස්කිනා නමැති කුඩා ගම්මානයෙහි සිලෝනෙ උපත ලැබීය. ඔහුගේ පියා සුලු ඉඩම් හිමියෙක් විය.


                පෙස්නිකා කණිටු විදුහලේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු ඉතාලියේ නොයෙකුත් නගර වල කතෝලික සිප් හල් වලින් වැඩි දුර අධ්‍යාපනය ලැබීය. අවිවේකී භාවයද, දේශපාලන කටයුතු නිසා ද එහුට විශ්ව විද්‍යාලයකට ඇතුලු විය නොහැකි විය. ඔහු වෘත්තීය සමිති වල හා වාමාංශික දේශපාලන සංවිධාන වල ක්‍රියාකාරී ලෙස කටයුතු කළේය.

                 1922 වර්ෂයේ The Worker පුවත්පතේ කතුවරයා බවට පත් වූ මොහු 1925 - 1928 අතර කාලයේ නීති විරෝධී ලෙස ෆැෂිස්ට් වරෝධී කටයුතු වල යෙදුණි. නොයෙක් වර බන්ධනාගාර ගත කෙරිණි. 1930 වර්ෂයේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් විය.

                එතැන් සිට ස්විට්සර්ලන්තයේ ජීවත් විය. එහි දී "Fontamara" (1934), "Bread and Wine" (1936) හා "The school for Ditators" යනා දී කෘති රචනා කළේය. ෆොන්ටමාරා ෆැසිස්ට් විරෝධී නව කතාවක් වුවද ප්‍රචාරක කෘතියක් නොවීය. එය ඉතාලියෙහි අලෙවි විය. එය භාෂා 14 කට පරිවර්තනය විය. සිලෝනෙගේ "Mr. Mristotle" නැමැති කෙටි කතා සංග්‍රහය 1935 වර්ෂයේ දී ප්‍රකාශයට පත් විය.

                  ඉග්නාට්ෂියෝ සිලෝනෙ 1978 වර්ෂයේ අගෝස්තු 22 වන දින අභාවප්‍රාප්ත විය.
ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න.....  

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න