Pages

Saturday, June 11, 2016

ඇස්. කරුණාරත්න / S. Karunarathna

                         
1940 මාර්තු මස 26 වන දින පාදුක්ක ග්‍රාමයේදී ඇස්. කරුණාරත්න මහතා උපත ලැබීය. මෙතුමා අධ්‍යාපනය ලැබුවේ කොටහේන කුමාර මහා විද්‍යාලයෙනි. 1962 වසරේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළු වී කරුණාරත්න මහතා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.


                             ඇස්. කරුණාරත්න මහතා අපට අංශ කිහිපයකින් වැදගත් වේ. ඔහු නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයට, බුහුමන් සොයා (1962), ගුත්තිල (1964), එරබඳු මල් පොට්ටු පිපිලා (1960), අකල් වැස්ස (1965), මළවුන්ගෙන් (1966) යන ස්වතන්ත්‍රී නාට්‍ය එක් කළේය.

                          තවද ඔහුගේ ඉතා වැදගත් කාර්යභාරයක් වූයේ විදේශීය කෘති සිංහලයට අනුවර්තනය හා පරිවර්තනය කිරීමයි. විදෙස් නාට්‍ය කරුවන්ගේ විවිධ කෘති මෙරටට දායාද කිරීමට වැඩි දායකත්වයක් දැක්වූයේ ඇස්. කරුණාරත්න මහතායි.

                           1982 දී 'කලිගියුලා' ද ප්‍රංශ ජාතික යොන් ජෙනේ ගේ 'Maids' හි පරිවර්තනය 'ටික්කි ටිකිරි ටිකිරි ලියා' නමින්ද ටෙනසි විලියම්ගේ 'I Rise in Flames' හි පරිවර්තනය 'හිරු අවරට ගියාදෝ' නමින් ද 1998 මුරේ ෂිෂිගල්ගේ 'The Typist' 'දවස තාමත් ගෙවුණෙ නෑ' යනුවෙන්ද 1999 අතොල් ෆොගාඩ් ගේ 'Sizwe Bansi Dead' හි පරිවර්තනය 'බන්සි තාම මැරිල නෑ' යනුවෙන්ද ඉදිරිපත් කොට තිබේ.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න