Pages

Tuesday, May 24, 2016

වීදාගම මෛත්‍රී හිමි. / weedagama maithree thero

                   වීදාගම හිමියන් ක්‍රි. ව.1415 - 1467 ත් අතර කෝට්ටේ රාජධානියෙහි විසූ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකි. රාහුල හිමියන්ගේ සමකාලීනයෙකු ලෙස සැළකෙන වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලෝවැඩ සඟරාව

                           හංස සංදේශය
                           කවි ලකුණ
                           බුදු ගුණ අලංකාරය යන ග්‍රන්ථ රචනා කරන ලදී.

                  ප්‍රථමයෙන් වීදාගම මෛත්‍රී හිමි විසින් රචනා කරනු ලැබුයේ " ලෝවැඩ සඟරාව" යි. ඉතා සරල භාෂාවකින් ලියැවී ඇති ලෝවැඩ සඟරාව තුළින් හෙළි වන්නේ බුද්ධ ධර්මයේ හරයයි.

       බුදු බණ අසමින් සිත සත                                පායේ
       කුරු පණ කම් ඇර පිය ඒ                                 පායේ
       පර පණ නැසුවොත් කවර                               උපායේ
       අපමණ දුක් දෙයි සතර                                    අපායේ

                  කෝට්ටේ යුගයේ බිහි වූ සංදේශ කාව්‍ය අතර වීදාගම හිමියන් විසින් ලියූ හංස සංදේශය වැදගත් තැනක් ගනී.එහි එන පරිසර වර්ණනා දෙස බලන විට උන්වහන්සේගේ කවීත්වය මනාව ප්‍රකට වේ.

          පැසෙයි නිබඳ සුවදැල් කෙත් වතු                   අවට
          ඇසෙයි ළමා වසු පැටියන් හඬ                        දුරට
          දිසෙයි වෙහෙර එහි සුර විමනක්                    ලෙසට
          රසෙයි අමා රසමය ඒ පියස                             දුට

11 comments:

Unknown said...

වැදගත් ලිපියකි

Unknown said...

Elakiri❤️🙂

Unknown said...

Thank you..wadagath lipiyak

Unknown said...

🙏🙏🙏

Unknown said...

චුට්ටයිනේ තියෙන්නේ

Unknown said...

🙏🙏🙏🙏🙏

Unknown said...

Thawa information dennako

Unknown said...

🙏🙏🙏🙏🙏🙏

Unknown said...

තව තොරතුරු ඔිනෙ☺

Unknown said...

මරු

pushpi said...

Thank you for this page. I was searching for Widagama Maithri Thero and your website appeared on the search. I wanted to know the time period he lived. Thank you very much.

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න