Pages

Tuesday, May 24, 2016

ගුරුළුගෝමී පඬිතුමා. / gurulugomi Padituma

                        ගුරුළු ගෝමී පඬිතුමා ක්‍රි. ව 1150 - 1250 අතර කාලයෙහි ජීවත් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි.

                     සිංහල භාෂාව පෝෂණය කළ ලේඛකයන් අතර ගුරුළුගෝමී පඬිතුමාට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. විශේෂයෙන් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ දැහැමි සිතිවිලි තව තවත් ප්‍රාණවත් කරන ලෙස මොහුගේ පන්හිඳ මෙහෙයවා තිබේ. මෙතුමා දඹදෙනි රාජ සමයට අයත් ලේඛකයෙකි. බොහෝ විට ලේඛකයෙකුට ජනතාව අතර ප්‍රසාදයක් දිනා ගැනීමට කෘති රාශියක් නිර්මාණය කිරීමට සිදු වේ. එහෙත් ගුරුළුගෝමී පඬිතුමාට එසේ නොවීය. ඔහු ලියූ ග්‍රන්ථ දෙකකින් ජනතාව විසින් ඔහුව එකහෙලා පිළිගන්නා ලදී.


      * ධර්ම ප්‍රදීපිකාව
      * අමා වතුර
එම මහඟු ග්‍රන්ථ දෙකයි.

               ධර්ම ප්‍රදීපිකාව ලියා ඇත්තේ උපතිස්ස නම් නායක තෙර කෙනෙකුන් විසින් ප්‍රබන්ධ කර ඇති මහා බෝධි වංශ නම් කෘතියට අත්වැලක් වශයෙනි.

               මහා බෝධි වංශයෙහි  එන විස්තර කර ගත නොහැකි පද වලට අර්ථ සපයමින් ගුරුළුගෝමී පඬිතුමා ඒ ඒ පද්‍යයන්ට පරිකතා ලියා තිබේ.

                බුදු දහම කැටි කර සරලව ඉදිරිපත් කෙරෙන ධර්ම ප්‍රදීපිකාව වැඩිායන්ම පාලි පාඨ සිංහලෙන් විස්තර කිරීම සඳහා වචන යොදමින් පෙල ගස්වා ඇත.

                අමාවතුර කෘතියද ඉතා මටසිළුටු භාෂාවකින් හා සුගම ශෛලියකින් ද සිත් කා වදින අන්දමට මනා සංයමයකින්ද කරන ලද්දකි.

                ගුරුළුගෝමී පඬිතුමා පරිවර්තකයෙකු හා අනුවාදකයෙකු හැටියට මනා ශික්ෂණයක්ද, පාලි බස පිළිබඳව හසල අත්දැකීමක්ද ලබා සිටි බව අමා වතුරෙහි හැම කතාවක් තුළින්ම දැකිය හැකිය.

2 comments:

Unknown said...

සාරාංශගත හොඳ පැහැදිළි කිරීම් සහිතයි.

punsada web said...

ස්තුතියි

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න