Pages

Monday, May 30, 2016

දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු.


                                දඹදෙණි යුගය ලංකාවේ රාජධානි ඉතිහාසය තුළ සාහිත්‍යය සඳහා මහඟු සේවාවක් සිදු වූ යුගයකි. එම කාලයෙහි රජ කළ රාජ්‍ය නායකයන්ගේද අනුග්‍රහය ලැබූ නිසාම මෙතරම් සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවීමට හේතු විය. දඹදෙණි රජ සමයේ රජ කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සිංහල සාහිත්‍ය වංශයට එකතු කළ " කවි සිළුමිණ" කාව්‍ය ග්‍රන්ථය ඉතා උසස් සාහිත්‍ය කෘතියකි.


                              කවි සිළුමිණෙහි කර්තෘත්වය පිළිබඳව නොයෙකුත් මත වාද තිබුණත් එය දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින්ම කළ එකක් බවට ශාක්ෂි ලැබී තිබේ. ඔහු තම ලේඛන කලාව තමාටම ආවේණික ශෛලියකින් පවත්වාගෙන ගිය බවට කවි සිළුමිණ ආරම්භයේම ඉඟියක් කර තිබේ.

                    " තමාවරදස නොදිස් - නේ මෙරමා දොස් දිස්නේ
                       නුවන් බැහැර නඟමන් - තමා මුත් නොදිස් නේ කිම්ද ?"

                               කවි සිළුමිණට අමතරව පරාක්‍රමබාහු රජතුමා විසින් රචනා කර ඇති කෘති දෙකකි. 

                     * විශුද්ධි මාර්ග සන්නය
                     * වන විනිස සන්නය

                    "කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු" යන ගරු නාමයෙන් පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා හඳුන්වන ලදී. මොහු රාජ්‍ය පාලකයෙකු මෙන්ම අධ්‍යාපනය හා ආගම නගා සිටුවීම සඳහාද විශාල මෙහෙවරක් කරන ලද අයෙකු වේ. කුරුණෑගල පිරිවෙන, දඹදෙණි පරාක්‍රමබාහු පිරිවෙන, බෙලිගල පිරිවෙන වැනි අධ්‍යාපන ආයතන ඇති කිරීමෙන්ද මෙතුමා සිංහල භාෂාවටත් සාහිත්‍යයටත් උදාර සේවයක් කළ බව සනාථ වේ.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න