Pages

Monday, May 23, 2016

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය. / Nationality of Sri Lanka.

* ශ්‍රී ලංකාවෙි ජාතික කොඩිය.

              ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ ලංකාවේ වසන දමිළ සහ මුස්ලිම් ජනතාව හඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදු දහමේ සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුද්තා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය නිරූපණය කෙරෙයි.


. ජාතික කොඩියේ ඇතුළත් සංකේත
          කඩුවක් අතින් ගත් සිංහයා    - නිර්භීතකම.
          රතු පාට පසුබිම                        - අභිමානය.
          බෝපත් සතර                            - ධාර්මිකභාවය.
          තැඹිලි පාට තීරුව                    - දමිළ ජනතාව.
          කොළ පාට තීරුව                     - මුස්ලිම් ජනතාව.

. ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව
             එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා.
             මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා.
             ටී. බී ජයා මහතා.
             ජී.ජී පොන්නම්බලම් මහතා.
             ජේ. ආර් ජයවර්ධන මහතා.
             ලලිත් රාජපක්ෂ මහතා.
             ජෝන් කොතලාවල මහතා.


* ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය

               ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මල යි. ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මහනෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතූන්.
         . රාජකීය උත්සව සඳහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
       
         . උපුල්වන් දෙවිදුන් සමඟ සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. ( මෙම දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාරව ඇතැයි විශ්වාසයක් පවතී. )

         . බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.

         . මලේ වක්‍ර වූ පත්‍ර වලින් ශුභ ලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.


* ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

                ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසයි. එය තෝරා ගැනීමට හේතු වූ කරුණු මෙසේය.
         . මංගල, සුමන, රේවත හා සෝභිත යන සිව් බුදුවරුන් බුද්ධත්වයට පත් වූයේ නා ගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුරදුන් බුදු බව ලැබීමට නියමිත නා ගස් සෙවණක වීම.

         . ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා එවන් සවිමත් චිර පැවැත්මක් දේශයටද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
       
         . ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.  

         . සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.


* ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා

          ලංකාවේ ජාතික පක්ෂියා වළිකුකුළා යි. ජාතික පක්ෂියා ලෙස වළි කුකුළා තෝරා ගැනීමට හේතු වූ සාධක.
       . මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කිහිපයකින් සෑදුණු පිහාටු දරන දැකුම්කලු සතෙකු වීම.

      . ලංකාවට ආවේණික දේශීය පක්ෂියෙකු වීම.

      . එඩිතර සටන්කාමී කඩිසර සතෙකු වීම.

      . කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය එළැබෙන බව කියා පාන දූතයෙකු වීම.


* ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංජනය

           රාජ්‍ය ලාංජනය පාවිච්චි කිරීමේ බලය හිමිව ඇත්තේ රටේ ආණ්ඩුවටය. දැනට ලංකාවේ භාවිතා වන රාජ්‍ය ලාංජනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේය.

   . රාජ්‍ය ලාංජනයේ ඇතුලත් සංකේත
        සිංහයා         - නිර්භීතකම.
        පුන්කලස     - සමෘද්ධිය
        ඉර හද          - චිරජීවනය
        ධාන්‍ය කරල් - සශ්‍රීකත්වය
        ධර්ම චක්‍රය  - ධාර්මික භාවය හා සාධාරණත්වය
        නෙළුම් පෙති - පිවිතුරු බව හා උතුම් බව

    . රාජ්‍ය ලාංජනයේ නිර්මාතෘවරු
         කලාශූරී මාපලගම විපුලසාර හිමි සහ එච්. එම් සෙනෙවිරත්න මහතා.
    

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න