Pages

Monday, May 30, 2016

ධර්මසේන හිමි.

                            13 වැනි සියවසේදී ලියැවුණු දඹදෙණි සාහිත්‍ය යුගයට අයත් මහඟු ධර්ම කතා සංග්‍රහයක් වන සද්ධර්ම රත්නාවලියෙහි කර්තෘ වශයෙන් සලකනුයේ ධර්මසේන හිමියන්ය.


                             ජනතා ප්‍රසාදය දිනූ " සද්ධර්ම රත්නාවලිය" ත් " දහම් ගැටය" ත් ධර්මසේන හිමියන්ගෙන් බිහිවුණු සාහිත්‍ය කෘති දෙකය.

                     නූතන කෙටි කතා කරුවා කෙතරම් දියුණු වී ඇත්ද ඒ හා සමාන මට්ටමකින් ධර්මසේන හිමියන්ගේ මෙම ගද්‍ය නිර්මාණ ද සැළකිය හැකිය. ජීවිතයේ විදින්නට සිදුවන දුක් ගැහැට, සතුට, සැනසුම තුළින්ම උපමා අලංකාර යෙදීමට උන්වහන්සේ සමත් වී තිබේ. මෙම ගද්‍ය නිර්මාණ තුළ දක්නට ලැබුණු උපමා තුළින් උන්වහන්සේ කෙතරම් නවමු ලෙස භාෂාව යොදාගෙන තිබේද යන්න සනාථ වේ.

                " පළගත් අතු නසා ගෙඩි කන්නවුන් සේ"

                " වෙළඳාම් ගොසින් නිකම්ම ආවා සේ"

                " පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ"


                          

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න