Pages

Monday, May 30, 2016

හතරවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු.

                              ක්‍රි.ව. 1302 දී පමණ කුරුණෑගල රාජධානිය කර ගත් හතරවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ලංකාව පාලනය කරන ලදී. මෙතුමා එකල විසූ අනෙක් රජවරුන් මෙන් සාහිත්‍යයට හා බෞද්ධාගමට විශේෂ සේවාවක් ඉටු කළේය.
මෙතුමා ලේඛකයෙකුට වඩා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොත බිහි කිරීමට මූලිකත්වය ගත් රාජ්‍ය නායකයෙකු ලෙසයි. තවද " උම්මග්ග ජාතකය" සහ "දළඳා සිරිත" රචනා කරන ලද්දේ හතරවැනි පණ්ඩිත පරාක්‍රමබාහු විසින්ම බැව් ඇතැමෙක් විශ්වාස කරති. මෙම රජතුමා පන්සිය පනස් ජාතකය සිංහලෙන් ග්‍රන්ථාරූඪ කිරීමෙන් බෞද්ධ ජනයාගේ සිත් දහම් සුවයෙන් සනසා ලන්නට සමත් වී තිබේ.
                              

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න