Pages

Monday, May 30, 2016

අලගියවන්න මුකවැටි. / Alagiyawenna Mukaveti

                            16 වන සියවසේ අග භාගයේදී සියනෑ කෝරළයෙහි අලගියවන්න මුකවැටි තුමා උපත ලැබීය. ධර්මද්වජ පඬිතුමා ඔහුගේ පියාය.


                           මෙතුමා සාහිත්‍යයට යොමු වූ කාලයේදී රට ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස පිරිහී තිබිණි. පලමුවන රාජසිංහ රජුගේ දැඩි පාලනය යටතේ පොත පත ගිනි බත් කළ බුද්ධාගමට නින්දා අපහාස කළ කාලයේදී මුකවැටි තුමාගේ සේවාව මහත් වූ අස්වැසිල්ලක් විය. මෙතුමා විසින්,

                            * සුභාෂිතය
                            * කුස ජාතකය
                            * දහම් සොඬ කව
                            * සැවුල් සංදේශය
                            * මුනි ගුණ රත්න මාලය
                            * දුශ්ශීල වත
                            * සෘංගාරය
                            * නිති සාරය
යන ග්‍රන්ථ නිර්මාණය කරන ලදී.

                   උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථයක් ලෙසට දේශයේ දරු දැරියන් වෙනුවෙන් සුභාෂිතය සාර්ථක මෙහෙවරක්  එදත් අදත් සිදු කරයි. මෙහි සංස්කෘත සාහිත්‍යයෙන් ගත් දෙයක් අදහස් ඇතත් සැළකුවද අප රටට ගැළපෙන ලෙස සරල භාෂාවකින් ඒවා ඉදිරිපත් කිරීම තුළ ඔහුගේ මනා නිර්මාණශීලී ගුණය මනාව ප්‍රකට වේ.  මෙහි කවි සියයක් ඇතුළත් වේ. මෙහි අඩංගු සමහර කවි වර්තමානයේ ජීවමාන ලෙස බාල මහලු කාගේත් මතකයේ රැඳී තිබේ.

         උදා :- පින්මද පුතුන් සියයක් ලදුවත්                             නිසරු
                   ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා              ගරු
                   එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ                 අඳුරු
                   නෙක තරු රැසින් එලෙසට නොම වේය            දුරු

                          

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න