Pages

Monday, May 30, 2016

සේන සලමෙවන් රජු. / King Sena Salamewan

                                 ක්‍රි.ව 831 - 851 ත් අතර කාලය තුළ රජ කළ සලමෙවන් රජු සිංහල භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇත්තෙක් විය. සිංහල පද්‍ය කරණය පිළිබඳව ලියැවී ඇති "සියබස්ලකර" නම් සුවිශේෂී උපදෙස් ග්‍රන්ථය සලමෙවන් රජ විසින් ලියන ලද්දකි.


                               නව වන සියවසේ මුල් භාගයේ ලියවී ඇති " සියබස්ලකර" කාව්‍ය  නිර්මාණකරණයෙහි යෙදෙන ආධුනිකයින්ට ගුරු හරුකම් දීමට සකසන ලද්දකි. දණ්ඩීන්ගේ කාව්‍යදර්ශය සියබස්ලකරට ගුරු වී තිබේ. එහෙත් සලමෙවන් රජු සිංහල පාඨකයාට තේරුම් ගැනීමට පහසුවන පරිදි සරල භාෂා රටායකින් සියබස්ලකර රචනා කර තිබීම එතුමාගේ සිංහල භාෂාව පිළිබඳ තිබූ මනා අවබෝධය ප්‍රකට කරන්නකි.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න