Pages

Friday, September 29, 2017

නිකොලයි ගොගාල් / nikolai gogol

                         
1809  වර්ෂයේ මාර්තු 31 වැනි දින  නිකොලායි ගොගාල් යුක්‍රේනයේ ඉඩම් හිිමි පවුලක උපන්නේය."ඩිකාන්කා ගම අසල ගොවිපළේ සන්ධ්‍යාවක්' නම් තම පළමුවැනි කතා සංග්‍රහයේ විනෝදවත් කදිම කතා වලින් ඔහු යුක්‍රේනයේ ජීවිතය පිළිඹිබු කරයි.


                            1829 සිට පීතර්බූර්ග් නුවර වසන කාලයේ දී තම ගුරුවරයා වශයෙන් සැළකූ පුෂ්කින් සමග ඔහු මිතුරු විය. රුසියානු නිලධර පාලනය තියුණු උපහාසයට හසු කරන  "රහස් කොමසාරිස්" නම් ප්‍රහසන නාට්‍යයේ වස්තු බීජය ගොගොල්ට දුන්නේ පුෂ්කින්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගොගොල්ට බොහෝ කාලයක් රටින් බැහැරව සිටීමට සිදු විය.

                             ගොගොල්ගේ ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යය "මළ මිනිස්සු' ය. එය එවකට රුසියාවේ දහස් ගණන් ගොවිදාසයන් කෙරෙහි බලපෑ ක්‍රෑර රදළ ස්වාමි වරුන් මැනවින් නිරූපණය කරයි. "මළ මිනිස්සු" සාර් පාලනයට එල්ල කළ දරුණු පහරක් පමණක් නොව අනාගත රුසියාව හා ප්‍රබල ජන ශක්තිය පිළිබද ලේඛකයාගේ විශ්වාසයද පළ කරයි.

                            එම කතාවෙහි ඔහු ඉදිරිපත් කරන තෙුායිකා (අශ්වයින් තිදෙනෙකු යෙදූ කරත්තය) රුසියාවේ ඉදිරි ගමන පිළිබද සංකේතයයි.

                             1942 දී "හිම කබාය" නැමති කතාව රචනා කළේය. මෙම කතාව රුසියානු සාහිත්‍යයේ සමාජ අසාමානාත්මතාවට දැඩි විරෝධය පළ කරන්නෙකි. රුසියානු ජනතාවගේ දුක්බර ජීවිතය ගැන ලියූ තවත් ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වන දස්තොව්ස්කි තමා ගැන හා අනෙකුත් රුසියානු ලේඛකයන් ගැන මෙසේ ලියා ඇත. "අපි සියල්ලෝම ගොගොල්ගේ හිම කබායෙන් එළියට ආවෙමු."
"
                           "Taras bulba" "The Inspector General" "The Nose" "Village Evenings Near" "Dikanka And Migorod" යුන ඔහු විසින් රචිත පොත් කිහිපයකි.

                             1852 මාර්තු 04 වන දින ඔහු පරලෝ සැපැත් විය.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න