Pages

Tuesday, September 19, 2017

මොණරවිල කැප්පෙටිපොළ / monarawila keppetipola

                                   
වීර කැප්පෙටිපොළ මාතලේ මොණරවිල නම් ගමෙහි උපත ලැබීය. කැප්පෙටිපොළ පරම්පරාවේ මුල් නම වන්නේ හතර කෝරළේ කැප්පෙටිපොළයි. ඔහුගේ පියා කැප්පෙටිපොළ දියවඩන නිළමේයි. ඇහැළේපොළ කුමාරිහාමි ඔහුගේ ඔහුගේ ‍සොහොයුරියයි.

                                      කැප්පෙටිපොළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ මාතලේ දිසාපති පදවිය දැරීය. පසුව ඉංග්‍රීසිහු ඔහුට ඌවේ දිසාපති පදවිය පිරි නැමූහ. ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්ස කැරැල්ල මර්ධනයට යවන ලද ඔහු කැරලිකරුවන් මර්ධනය කරනු වෙනුවට ඔවුන්ගේ පක්ෂයට එක් විය. 


                                       ඉංග්‍රීසින් ගේ අවි ආයුධ වල්න් ඔවුන්ටම පහර දීම සුදුසු නැතැයි කල්පනා කළ මෙම රණශූරයා එම අවි ආයුධ සියල්ල ඉංග්‍රීසින් වෙත යවා ඔවුන් සමග සටන් වැදුණේය. කැරැල්ල අවසානයේ දී ඉංග්‍රීසීන් විසින් ඔහු අල්ලා ගන්නා ලදී. ඔහුගේ හිස ගසා දැමීමට තීරණය විය.

                                        දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මරණයට මුහුණ දුන් ඔහු " වධකය මා හිස එක් වරින්ම වෙන් වන්නට පහරක් ගසව" යි වදකයාට අණ කර 'ඉතිපිසෝ ගාථාව' සජ්ජායනය කරන විටම ගහලයා ඔහුගේ හිස කදින් වෙන් කළේය.

                                        කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ස්කොට්ලන්තයේ අගනුවර වන ඇඩින්බරෝ නගරයේ පර්යේෂණ ආයතනයට යවන ලදී. පසුව ග්ලොස්ටරයේ ආදිපාදයන් විසින් 1948 දි ලංකාවට ගෙනවුත් භාර දෙන ලදී. උඩරට ගිවිසුමේ සිංහල භාෂාවෙන් මොණරවිල යනුවෙන් අත්සන් තැබූ එකම සිංහල අධිපතියා ඔහුය. අන් හැම අත්සන් කොට ඇත්තේ දෙමළ භාෂාවෙනි.

1 comments:

dharma sri kariyawasam said...

උඩරට ගිවිසුමේ කිසිවකු දෙමළ භාෂාවෙන් අත්සන් කර නැත. ඒ අත්සන්වල ඇති අකුරු හඳුන්වන්නේ 'ග්‍රන්ථෙ අකුරු' යන නමිනි. එය භාෂවක් නොවේ. අකුරු ලියන ක්‍රමයක් පමණි.

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න