Pages

Saturday, September 23, 2017

ඇරිස්ටෝටල් පඩිතුමා / Aristotal Pandithuma

                        ක්‍රි.පූ. 384 දී ඊජියන් මුහුදේ උතුරු කෙළවරෙහි වූ ස්ටයිගරා නම් නගරයෙහි උපත ලැබූ ඇරිස්ටෝටල් පඩිතුමා ග්‍රීක ජාතිකයෙකි.


                       මූලික අධ්‍යාපනය සිය නිවසේ දීම ලැබූ මෙතුමා 17 වන වියේ දී එවකට අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස සැළකුණ ඇතැන්ස් නුවරට ගියේය. මෙහි දී ප්ලේටෝ යටතේ ශිල්ප හැදෑරූ ඇරිස්ටෝටල් පඩිතුමා පසු කලෙක දී මහා ඇලෙක්සැන්ඩර් නමින් හැදින් වූ කුමරාගේ ගුරුවරයා වීමට ද අවස්ථාව ලැබුණි.

                     ඇරිස්ටෝටල් විසින් ලියා ඇති පොත් ගණන 400 ත් 1000 ත් අතර යැයි ගණන් බලා ඇති අතර විද්‍යා ගවේෂණ සදහා ලෝකයේ පළමු වරට ඉදිරිපත් වී පර්යේෂණ කළේ ද ඇරිස්ටෝටල් ගේ කණ්ඩායම බව දැනගන්නට ලැබී තිබේ. තවද පෘථිවිය මත ඇති සෑම වස්තුවක් ම උණුසුම් ද සීතල ද වියළිද යන කරුණු අනුව විස්තර කළ හැකි බව ඇරිස්ටෝටල් විස්වාශ කරන ලද අතර පඨවි, ආපෝ, තේජෝ, වායු, අග්නි යනුවෙන් පංචමහා භූතයින් පවත්නා බවද පළමු වරට විද්‍යානුකූලව හෙළි කරන ලද්දේ ඇරිස්ටෝටල් විසිනි.

                    නාට්‍ය කලාව ඇතුලු අනෙකුත් කලාවන් සම්බන්ධව ලිය වී ඇති පැරණි ග්‍රන්ථය වන "පොයටික්ස්" නොහොත් "කාව්‍ය ශාස්ත්‍රය" සම්පාදනය කර ඇත්තේ ඇරිස්ටෝටල් විසිනි. එම පොතේ සදහන් වන න්‍යයාත්මක කරුණු වර්තමාන නාට්‍ය කරුවන්ගේ ද අධ්‍යනයට ලක් වී ඇත. එමෙන්ම "කාව්‍ය ශාස්ත්‍රය" ග්‍රන්ථය වර්තමාන නිර්මාණ කරුවන්ටද මනා ගුරුවරයෙකු වී හමාරය.



ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදාගන්න.............. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න