Pages

Thursday, September 21, 2017

ගී ද මෝපසාං / gee de mopasan

                     
 1850 අගෝස්තු මස 05 වන දින ප්‍රංශයේ දී හෙන්රි ලෙනේ ඇල්බට් ගී ද මෝපසාං යන නම් දරමින් මොහුගේ උපත සිදු විය. ලෝකයේ මෙතෙක් පහළ වී ඇති කෙටි කතා කරුවන් අතුරින් ශ්‍රේෂ්ඨතම නිර්මාණ කරුවෙක් ලෙස ගී ද මෝපසාං හැදින්විය හැක.


                          මොහුගේ පියා ගුස්තාප් මෝපසාං වන අතර මව ලෝරිලා නම් වේ. වයස අවුරුදු 11 පටන් ඔහු තම මවගේ සෙවණේ හැදී වැඩුණේය. මොහුට හර්ච් නමින් සොහොයුරෙකුද සිටියේය කතෝලික පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව ක්‍රි.ව 1868 වසරේ දී කථන් විශ්ව විද්‍යාලයෙන් මැට්රිකියුලේෂන් විභාගයෙන් විභාගයෙන් ඉතා විශිෂ්ට ලෙස සමත් විය.

                         ඉන්පසුව ඔහු නීතිය හැදෑරීමට පටන් ගත් නමුදු එය නොනවත්වා කරගෙන යාමට නොහැකි විය. ප්‍රංශ ජර්මන් යුද්ධයේ දී යුද සේවයට බැදුණු මොහු වසරක් පමණක් එහි නියැලීමෙන් අනතුරුව එයින් ඉවත්ව ප්‍රංශයේ නාවික කටයුතු හා වෙළද අමාත්‍යාංශයට බැදී සේවය කළේය. පසුව ඔහු පුවත් පත් කිහිපයකම සංස්කාරවරයෙකු ලෙස කටයුතු කළේය.

                         වර්ෂ 1875 දී ඔහු ප්‍රහසනාත්මක නාට්‍යයක් රචනා කරමින් එහි චරිත නිරූපණයේ යෙදුණේය. එයට ෆ්ලෝබෙයාගේ ආශිර්වාදය ද හිමි විය.

                         මෝපසාංගේ ලේඛන කලාව ඉතා සුවිශේෂී හා විශිෂ්ට විය. ගී ද මෝපසාං ගේ පළමු කෙටි කතාව වූයේ "බෝල් ද ස්විස් " (ඉටි බෝලය)  නම් කෘතියයි. තාත්වික සම්ප්‍රදායෙන් ලියැවුණු මේ කෙටි කතාව පළවූ ඇසිල්ලෙහිම සාහිත්‍ය ප්‍රමෝදයට පත් වූ සාහිත්‍යකාමී ප්‍රංශ ජනතාව ශ්‍රේෂ්ඨ ගණයේ ලේකඛයෙකු ප්‍රංශයේ බිහි වී ඇතැයි සතුටු වූහ.

                          මොහු ගේ සුවිශේෂී නිර්මාණ අතරට කෙටි කතා 300 ක් ද, නව කතා 06 ක් ද, දේශාටන වාර්තා 03 ක් ද, එක් පද්‍ය ග්‍රන්ථයක් ද විවිධ තේමාවන් අළලා ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධන රාශියක් ද අයත් වේ. 1880 - 1891 වකවානුවේ මොහුගේ නිර්මාණ ජීවිතයේ සශ්‍රීකම අවධිය ලෙස සැළකිය හැකිය.

                         ගී ද මෝපසාංගේ කෘති ජනප්‍රියතාවයෙන් ඉහලට ගිය අතර රටවල් ග‍ණනාවකම සීඝ්‍ර ලෙස අලෙවි විය. එම නිසා මොහුට විශාල ධනස්කන්යදක් රැස් කර ගැනීමට හැකි විය.  "Lamaison Tellier" නම් පලමු කෙටි කතා එකතුව දෙවසරක් තුළ මුද්‍රණ දොළහක් සිදුකර ඇත. පළමු නව කතාව "Une Vie (A Womans Life)" වසරකට අඩු කාල සීමාවක් තුළ පිටපත් 25000 ක් අලෙවි විය. මොහුගේ නිර්මාණ බොහොමයකට පසුබිම් වී ඇත්තේ ප්‍රංශ සහ පර්සියානු යුද්ධයයි.

                        1892 වර්ෂයේ ජූලි 06 වන දින අවුරුදු හතලිස් දෙකක් වැනි කෙටි ආයුෂ කාලයක් ජීවත් වී පර්සියේ උන්මන්තකාගාරයක දී මෝපසාං මෙලොව හැර ගියේය.  

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න