Pages

Thursday, September 28, 2017

ඇලෙක්සැන්දර් පුෂ්කින් / alexander Pushkin

                         
 1799 වර්ෂයේ  මැයි මස 26 වන දින උපත ලද ඇලෙක්සැන්දර් පුෂ්කින් රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියෙකි.


                          පුෂ්කින් දුප්පත් රදල පවුලක උපන්නේය. ඔහු කවි ලියන්නට පටන් ගත්තේ වයස අවුරුදු නවයේ සිටය. රදලයන් සදහා වූ විශේෂ පාසලක ඔහු උගත්තේ්ය. ඔහු පලමුවෙන්ම ලියූ කවිපන්ති 1814 දී මුද්‍රනයෙන් බිහි විය. "නිදහස" "ගම" "වදායෙෆ් හට" යන දේශපාලන කවි පන්ති වලින් ඔහු පීඩිත ජනතාවගේ පැත්ත ගනිමින් දුෂ්ඨ සාර් පාලනයට විරෝධය පළ කළ අතර ඒ හේතු කොට ගෙන සාර් රජු පුෂ්කින් කවියා අගනුවරින් පිටුවහල් කලේය.
                 
                    1831 වර්ෂයේ දී නතාලි ගොන්චරෝවා ඔහුගේ බිරිද කර ගත්තේය. ඔහුට දරුවන් තිදෙනෙකු විය.

                        දේශපාලන දර්ශනය අතින් පුෂ්කින් 1825 දෙසැම්බර් මාසයේ දී සාර් පාලනයට එරෙහිව සටන් කල පළමුවැනි විප්ලවකාරී දෙසැම්බර් වාදීනට ළං වූයේය. සාර් ක්‍රෑර ලෙස දෙසැම්බර් වාදීන් මැඩ පැවැත්වීය. දෙසැම්බර් වාදීන්ගේ අදහස් වලට සමාන අදහස් ඇති පුෂ්කින් ගේ ඉරණම කවරේ දැයි 1825 දීම පැහැදිළි විය. සියලුම අන්දමේ ගැහැට වලට පුෂ්කින්ට මුහුණ දීමට සිදුවිය.

                     1837 ජනවාරි 29 වන දින ද්වන්ධ සටනකින් පුෂ්කින් ඛේදජනක ලෙස මරණයට පත්විය.

                    සමකාලීනයෝ පුෂ්කින් "රැසියානු කාව්‍යයේ සූර්යයා" වශයෙන් හැදින්වූහ. 'එව්ජින් ඔනෙගින්' "දුබ්රොව්ස්කි" "කපිතාන්ගේ දුව" ආදී ඔහුගේ ශ්‍රේෂ්ඨ කෘතීහු 19 වැනි සියවසේ මුල් භාගයේ දී රුසියානු ජීවිතය අනාවරණය කරන විශ්වකෝෂ මෙනි. 

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න