Pages

Thursday, September 28, 2017

භරතමුණි පඩිතුමා / Bharathamuni Pandithuma

                              නාට්‍ය හා සංගීතය යන කලාවන් පිළිබදව ලියැවුණු පැරණිම ග්‍රන්ථය වශයෙන් භරතමුණි පඩිතුමා  විසින් රචනා කරන ලද "භරත නාට්‍ය ශ්‍රාස්ත්‍රය" හැදින්විය හැකිය.


                              දැනට ඉන්දියාවේ පවතින ශාස්ත්‍රීය සංගීතය පිළිබදව නීති රීති පද්ධදීන් ඇතුළත්ව තිබුණේ "භරත නාට්‍ය ශ්‍රාස්ත්‍රය" තුළය. භරතමුනි විසින් දක්වන ලද විස්තර මගින් පැහැදිලි වන එක් කරුණක් නම් අද මෙන් ම මීට අවුරුදු දොහකට ඉහත කාලයේ දීත් ඉන්දීය ගායකයා ප්‍රකෘති හඩකින් ගී ගැයීමට කැමැත්තක් දැක් වූ බවයි.

                            ඉන්දියාවේ උදය ශංකර් සහ රාම් ගෝපාල් වැනි හසල නාට්‍ය ශිල්පීන් පවා නෘත්‍යයෙහි නිරත වන්නේ "භරත නාටය ශ්‍රාස්ත්‍රය"  සදහන් ව පවතින නාට්‍ය විධි අනුවය.

                              ඉන්දියානු නර්තන ශිල්පයට අදාළ අංග වින්‍යාස සහ මුද්‍රා විස්තර භරත නාට්‍ය ශාස්ත්‍රයෙහි පැහැදිලිව සදහන් කොට තිබේ.

                            අපරදිග කලාවන්ගේ මුල් පොත ලෙස ඇරිස්ටොටල් ගේ "කාව්‍ය ශාස්ත්‍රය" පිළිගන්නා සේම පෙරදිග කලාවන්ගේ මුල්පොත ලෙස භරතමුණි පඩිවරයාගේ "නාට්‍ය ශ්‍රාස්ත්‍රය" පිලි ගැනේ

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න