Pages

Tuesday, September 19, 2017

රේරුකානේ චන්ද විමල හිමි. / rerukane chanda wimala himi

                           
 නූතන අවදියේ මෙරට බුදු සසුනේ මහත් ප්‍රබෝධයක් ඇති කළ රේරුකානේ චන්ද විමල හිමි බණ්ඩාරගම ප්‍රදේශයේ රේරුකාන නම් පිටිසර ගමෙහි උපත ලැබූහ.


                               1897. 07. 19 වන දින රුබෙල් ගුණවර්ධන යන නමින් උන්වහන්සේ උපත ලැබීය. බස්තියන් පවුලිස් ගුණවර්ධන උන්වහන්සේගේ පියාණනන්ය. කුඩා කල සිටම දෙමාපියන්ගේ ආභාෂයෙන් ශ්‍රද්ධාවත් බෞද්ධ දරුවකු වූ රුබෙල් දරුවා 1909.01.08 වන දින හොරණ පොකුණුවිට බුරුම පන්සලේ දී පැවදි දිවියට පත් විය. උපසම්පදාව ලැබීමෙන් පසු ගත වූ දීර්ඝ කාලය තුළ බුදු දහමේ ත්‍රිපිටකය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුලු අභිධර්මය බෞද්ධ ජනතාවට සරල බසින් පහදා උන්වහන්සේ කළ මෙහෙය මෙරට විසූ කවර යතිවරයෙකු විසින් හෝ නොකරන ලද මහා විශිෂ්ට මෙහෙයක් ලෙස සැළකේ.

                               රේරුකාන ගමේ ශ්‍රී වර්ධනාරාම විහාරස්නථාය පිහිටුවා ලීමෙහි ලා මහත් මෙහෙයක් කළ චන්ද විමල හිමි නිසා රේරුකාන නම් කුඩා ගම්මානයේ නම පෙර අපර දෙදිග බෞද්ධයන් අතර පතළ විය.

                               ඉතා නිහඩ චාම් අපිස් දිවියක් ගත කළ චන්ද විමල හිමියෝ බුදුරදුන් දේශනා කළ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයේ සැබෑ මූර්තියක් වූහ. අවුරුදු සියයක් ජීවත් වූ රේරුකානේ චන්දවිමල නා හිමි 1997.07.14  වන දින සිහිනුවණින් යුතුව අපවත් වූහ.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න